විස්තීර්ණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව සඳහා තවත් වාරිකයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (28) රැස්වූ අවස්ථාවේදී තීරණය කර ඇත.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 344ක ණය වාරිකයක් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එහි ප්‍රගතිය සහ කාර්ය සාධනය මත පදනම්ව මෙම වාරිකය අනුමත වී ඇත.
මේ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබා දී ඇති මුළු මූල්‍ය සහාය එක්සත් ජනපද ඩොලර් බිලියන 1.34 කි.







