වෟත්තීය විෂමාචාරය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥයාගේ කෝට් බෑය ගලවයි !

lawyer

වෛද්‍යවරයකුගේ පවුලට අයත් ඉඩම් ඔප්පු කිහිපයක් වංචනික ලෙස තහවුරු කිරීම මඟින් වෘත්තීය විෂමාචාරය සම්බන්ධයෙන් වරදකරු වූ නීතිඥවරයෙකු සේවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග නිකුත් කළේය.

මෙලෙස නීතීඥ වෘත්තියෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ  ජයන්ත අත්තනායක නම් නීතීඥවරයාය. කොළඹ 4 ලෝරිස් පාරේ පිහිටි දේපලකට අදාළව 1992 ඔක්තෝබර් 5 හා 1996 අගෝස්තු 1 අතර  කාලයේදී සිදු කරන ලද ගනුදෙනු සම්බන්ධයෙන් නීතිඥවරයාට හා ඔහුගේ නීතිඥ බිරිඳට එරෙහිව,  වෛද්‍ය ලක්ෂ්මන් ලූෂන් ද සිල්වා වීරසේන  දිවුරුම් ප්‍රකාශයක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයා වෙත පැමිණිලි කර තිබිණි.

මෙම බූදලයේ උරුමකරු වූ මියගිය ඇග්නස් ජෝර්ජියානා ෆොන්සේකා  ගේ බූදලය, නීත්‍යානුකූල උරුමකරුවන්ට අහිමි කිරීමේ අරමුණින් වගඋත්තරකරුවන් දෙදෙනා, ඔප්පු පහක් වංචනික ලෙස සහතික කර ඇති බවට චෝදනා එල්ල කර තිබිණි.

සිදුවූ බව කියන විෂමාචාරය සම්බන්ධයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ විය. කෙසේ වෙතත්, දෙවන වගඋත්තරකරු වූ ජයන්ත අත්තනායක ගේ බිරිඳ නඩුව විභාග වෙමින් තිබියදී අභාවප්‍රාප්ත විය.


“වගඋත්තරකරුගේ හැසිරීම නීතිඥ වෘත්තියට අපකීර්තියක් ගෙන දී ඇති බවට සැකයක් නැත. එය පැහැදිලිවම අගෞරවනීය, නින්දිත සහ නීතීඥයෙකුට නුසුදුසු ය. එබැවින් වගඋත්තරකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නීති 60 සහ 61  උල්ලංඝනය කර ඇති බව පැහැදිලිය..”

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වගඋත්තරකාර නීතිඥවරයාගේ නම නීතිඥවරුන්ගේ නාම ලේඛනයෙන් ඉවත් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග නිකුත් කර තිබේ.

Exit mobile version