වෛරස් ව්‍යාප්තිය වැඩි වනවිට නව ප්‍රභේද ඇතිවීම අනිවාර්යයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිසියම් කොවිඩ් වයිරසයක ව්‍යාප්තිය රටක් තුළ සීඝ්‍රලෙස වැඩිවන්නේ නම් ඉන් නව ප්‍රභේදයන් ඇතිවීම අනිවාර්යයෙන්ම සිදුවන බව වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කරයි.

මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය රටවල් 89 පැතිර ගොස් ඇති බවත් එය ඉතා සීග්‍රයෙන් හා එකම රටක් තුළ පළමු හා දෙවන රැල්ල වශයෙන් පිටපිට පැතිර යාම දක්නට ලැබෙන බවද ඔහු පෙන්වාදේ.

මෙම ඩෙල්ටා ප්‍රභේදය දරුණු අසනීප තත්ත්වන් ඇති කිරීමට සමත් වෙන බව මේ වන විටත් සනාථ වී ඇතැයි වෛද්‍ය ජූඩ් ජයමහ කියයි.

කුමන කොරෝනා වයිරස් ඛාණ්ඩයන් පැතිර ගියද රෝගය ව්‍යාප්ත වන්නේ කෙළ බිදිති මගින් මගින් පමණක් බවද මෙතෙක් කරන ලද පර්යේෂණයන්ගෙන් තහවුරු වී ඇතැයි ජයමහ මහතා පැවසීය.

Exit mobile version