මේ මොහොතේ ගත යුතුම තීරණයට ප්‍රමුඛතම වෛද්‍ය සංගම් හතරක් රජයට බලකරයි

doctors medical association

 

මේ වනවිට කොවඩ් වසංතය හමුවේ ශ්‍රි ලංකාව පත්ව ඇති තත්ත්වය මත වහාම දින 14ක් දැඩි සංචරණ සීමා යෙදවීමට එනම් ලොක් ඩවුන් කිරීමකට ලක් කළ යුතු බවට මෙරට ප්‍රමුඛතම පෙළේ වෛද්‍ය සංවිධාන හතරක් රජයට බල කරයි.

අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අවධාරණය කළ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය විද්‍යායතන අන්තර් කමිටුව අවධාරණය කළේ වසංගතයේ තත්ත්වය මෙන්ම රටේ ආර්ථිකයේ අනගතය පිළිබඳව සැලකීමේදී මේ මොහොතේ ගත යුතු වැදගත්ම පියවර මෙය බවය. මාධ්‍ය හමුව ආරම්භ කරමින් අදහස් දැක්වූ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ලැබෙන සංඛ්‍යාලේඛන සහ රෝහල්වල දැනට පවතින තත්ත්වය අනුව අප සිටිනුයේ ඉතාම අවදානම් සහගත තැනක බවත් මේ වනවිට රෝහල්වල රෝගී ධාරිතාව උපරිමය දක්වා ළඟා වී ඇති බවත් පෙන්වා දුන්නාය.

ඒ අනුව මෙම ත්තත්වය පාලනය කිරිමට නම් වයිරසයේ බීජෞෂණ සමය දෙකක් ආවරණය වන පරිදි ජනතාවට දැඩි ලෙස සංචරණ සීමා පැනවීම බවට ලෝකයේ පිළිගත් විශේෂෂඥයන් රැසක් පෙන්වා දී ඇති බවත් ඒ අනුව රජය කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පෙන්වා දුන්නාය.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇය,
“බොහෝ රෝහල් මේ වනවිට රෝගීන්ගෙන් පිරී තිබෙනවා. ඔවුන්ගෙන් සමහර අයට ඔක්සිජන් අවශ්‍ය වනවා. රෝගීන් තුන් දහසක් හඳුනා ගත්ත වුණාට ඊට වඩා තුන් ගුණයක් ප්‍රමාණයක් සමාජයේ ඉන්නවා. ඒ අනුව 10000ක් පමණ. එයින් පේන්නේ රෝගය බොහෝ දුරට පැතිරී තිබෙනවා. මේ අවස්ථාවේදී අනෙක් රටවල් සමග බැලුවොත් අඩු අදායම් ලද රටක් ලෙස මනාව පාලනය කළේ නැතිනම් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙනවා. අනෙක් රටවල් මේ වගේ අවස්ථාවක මේ රෝගය පාලනය කළේ දැඩි සංචරණ සීමා පනවලා. පවුල් වශයෙන් කොටු කරල. පවුල තුළ පාලනය කරල තමයි ඔවන් වසංගතය පාලනය කර ගත්තේ. අපි සියල්ලම වෛද්‍ය සංගම් හතරම එකමුතුව එකා මෙන් ඉල්ලා සිටිනවා සමාජය දින 14ක් අපි ගෙවල්වලට කොටු වීමට අවශ්‍ය සහටෙයාල්ය රජයෙන් දෙන්න. මේ යෝජනාව විද්‍යාත්මක එකක්. අත්‍යවශය කටයුතු සිදුවෙන් අවශ්‍ය ඉඩ ලබා දීල අඩුම ගානේ දින 14ක් අප දැඩි සංචරණ සීමාවකට පැමිණිය යුතුමයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පැවසුවේ මේ නවවිට රෝහල්වලට පහසුකම් ලබා දීමට ඇඳන් වැඩි කිරීම දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය පහසුකම් ලබා දිමට රජය කටයුතු කරන බවයි. එය අවශය පියවරක් වුවද දැනට පවතින තත්ත්වය අනුව රෝගය ව්‍යාප්ත වීම පාලනය නොකළොත් මේ ඇඳන් ඇතුළුපහසුකම් කොපමණ වැඩි කළත් ප්‍රමාණවත් නොවන තත්ත්යක් මතුවන බව පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“රෝහල් පහසුකම් වැඩි කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න බෑ. දැන් රෝගීන් එන විදිහට එන විදිහට ඇඳන් දහ දාහේ රෝහල් ඒවා දවසකට එක ගානේ හැදුවත් ප්‍රමාණවත් නොවේවි ඉදිරියට. ප්‍රමුඛතාව දිය යුත්තේ සමාජයේ පැතිරීම පාලනය කිරීම. රෝගය ගැන අධ්‍යයනය කළ දැනුමත් ඇති විද්වතුන් කියන්නේ දින 14 කියන්නේ මැජික් අංකයක් කියලයි. පසුගිය දින තුනේ ලොක් ඩවුන් එක දෙක එක්තරා විදිහට අපරාධයක්. අත්හදා බැලීමක් වුණාට විද්‍යාත්මක පසුබිමක් නෑ. ඒක වැරදි උපදෙසක්. දින තුනේ අවශ්‍ය කරන්නේ දිගටම මේක ගෙනයන්න. මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති දින තුනක සංචරණ සීමාව කඩා යළි අඟහරුවාදා අරින්න එපා. දින 14ක් දිගටම ගෙන යන්න. එය අපේ රටේ සෞඛ්‍යයටත් ආර්ථිකයේ සෞඛ්‍යයටත් හොඳම විසඳුමයි. යයි ඔහු පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව සහ වෛද්‍ය විද්‍යායතන අන්තර් කමිටුවේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතාද අදහස් දැක්වීය.

Exit mobile version