වේලන් සාමිට සිල් රැකගෙන ඉන්න කියන්න… උතුරේ මහඇමති අපේක්ෂකයා මම… මාවෙයි කියයි…

දිනසේන රතුගමගේ –

මී ළග පළාත් සභා මැතිවරණයේදී උතුරේ මහ ඇමති ධූර අපේක්ෂකයා තමන් මිස වෙනත් අයෙකු නොවන බව  දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා 29 දා පැවසීය.

යාපනයේ මාටින් පාරේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

උතුරේ මහ ඇමති ධූරයට එක් එක් අය පත් කරවන්න බොහෝ දෙනෙකුට උවමනාවක් තියනවා.මේ උවමනාව තියෙන්නේ කොළඹ ඉදලා යාපනයට ඇවිත් මෙහෙ දේශපාලනය කරණ පිරිසකට මිසක් උතුරේම ජීවත් වෙන අයටනම් නෙමෙයි.


විග්නේස්වරන් මන්ත්‍රීවරයා මේ දවස්වල වේලන් සාමිවරයා මේ තනතුරට සුදුසුයි කියලා ඔහුව තෝරගෙන වෙනම ගමනක් යනවා.වේලන්  සාමිවරයත් ඒකට කැමැත්ත පලකරලා තියනවා.නමුත් උතුරේ මහ ඇමති ධූරයට පත්වෙන්න ඕනේ සිල් රකින කෙනෙක් නෙමෙයි.ඒකට හේතුව ඉතාම බරපතල තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා.

පාරවල් වල ලගින්න උද්ඝෝෂණ කරන්න පොලිස් අත් අඩංගුවේ ඉන්න මේ හැම දේකටම මුහුණ දෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ.ඒත් ඒක එයාලගේ කැමැත්ත නේ.

දෙමළ ජාතික සන්ධානය දැනටමත් තීරණය කරලා තියෙන්නේ මාව ඉදිරි පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකයව කරන්නයි. මේක මට පහු ගිය වතාවෙයි පක්ෂයෙන් ලැබුණේ. ඒත් විග්නේස්වරන් මන්ත්‍රීවරයාට මහ ඇමති වෙන්න අවස්ථාවක් දෙන්නයි මම නිහඩ වුණේ. අවසානෙදි වෙච්ච දෙයක් නෑ.

උතුරේ ඉපදුණු උතුරේ ජනතාවත් එක්ක එදා ඉඳලා දේශපාලනය කළ මට උතුරේ ජනතාවගෙන් විශාල සහයෝගයක් තිබෙනවා. ඒක නිසා ඒ අවස්ථාව මම මගහරින්නේ නෑ.

දැනටමත්  මේ පළාත්වල සංවිධාන කීපයක අය ඇවිත් මාව හම්බ වෙලා මේ ගැන කතා කරලා  මට මහ ඇමති අපේක්ෂකයා වෙන්න කියලා ආරාධනය  කරලා තියනවා. ඉතින් මම ඒක බාර ගන්නවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මම හිතන්නේ නෑ මම මේ තනතුරට තරග කළොත් වෙනත් දේශපාලන පක්ෂ වලින් උතුරේ මහ ඇමති ධූරයට වෙන කෙනෙක් ඉදිරිපත් කරයි කියලායනුවෙන් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

Exit mobile version