වෙසක් සතියේ ඇතිවන්නට ගිය බෞද්ධ කතෝලික ගැටුමක් පොලිසිය මැදිහත් වී නවතී!

වෙසක් දිනය දා බෞද්ධයින්ගේ ශ්‍රද්ධාව අවභාවිතා  වීම හේතුවෙන් ඇතිවන්නට ගිය   බෞද්ධ සහ කතෝලික ආගමිකයන් අතර  ගැටුමක්පො ලිිසිය මැදිහත්වීමෙන් සමතයකට පත් කර ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. වෙසක් උත්සවයට සමගාමිව දළුව අන්තර් සමුද්‍රීය පිරිවෙණේ පරිවේණාධිපති සහ පුත්තලම් දිසාවේ සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් විහාරස්ථාන දායක සභාවත් සමග කරඹ විහාරයේ සිට දළුව අන්තර් සමුද්‍ර පිරිවෙන දක්වා පෙරහරක් සංවිධානය කර තිබේ.

පෙරහරේ පැමිණි පිරිසක් කිසිදු අවසරකයින් තොරව දළුව මංසන්ධියේ තාවකාලික කොන්ක්‍රීට් කණුවක් සිටුවා ඒ මත කොන්ක්‍රීට් ලෑල්ලක් තබා බුදු පිළිමයක් තැන්පත් කර තිබේ.

ක්‍රිස්තියානි ආගමික බැතිමතුන් බහුල එම ප්‍රදේශයේ හිටිවනම බලහත්කාරයෙන් තැන්පත්කළ මේ පිළිමයත් සමග ප්‍රදේශය නොසන්සුන් වී ඇත.


ඒ අනුව එම ස්ථාපිත කිරීමට විරෝධය පල කිරීමක් ලෙස මීසමේ ආගමික නායකයින් ඇතුළු ප්‍රදේශවාසීන් 400ක් පමණ එක්වී තිබේ. මෙම පිරිස රැස්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය ද ඇනහිට ඇත.

පොලිසිය පරීක්ෂණ පවත්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව කෝටඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් කැඳවා ඔවුන්ගෙ ද සහාය ඇතිව බුද්ධ ප්‍රතිමාව පොලිස් භාරයට ගෙන ඇත.

Exit mobile version