වෙසක් පොහෝ දිනය අදයි

ශ්‍රී බුද්ධ වර්ෂ 2567 නොහොත් 2023 වර්ෂයේ සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය අදට (5) යෙදී තිබේ.

මෙරට ප්‍රධානතම ආගමික හා සංස්කෘතික සැමරුම ලෙස වෙසක් මංගල්‍යය සැළකේ.

සිදුහත් කුමරුගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය බෞද්ධ ජනතාව විසින් මෙලෙස සමරනු ලැබේ.

මීට අමතරව බුදුරදුන් තෙවන වරට ලක්දිව කැලණිය පුදබිමට වැඩම කරවීමද, සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීමද අද වැනි දිනක සිදුවූ බවට බෞද්ධ සාහිත්‍යෙය් සඳහන් වේ.


2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදින ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වය, 2020 හා 2021 වසරවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනතාවට ඊට පෙර වසරදවලදී මෙන් වෙසක් මංගල්‍ය සැමරීමේ අවස්ථාව අහිමි වූ අතර වසර කිහිපයකට පසුව බෞද්ධාගමිකයන්ට සුපුරුදු ලෙසටම වෙසක් මංගල්‍ය සැමරීමේ අවස්ථාව මෙවර ලැබී තිබේ.

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර රට පුරා ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා රැසක් සූදානම් කර ඇත අතර ප්‍රධාන නගර ආශ්‍රිතව දර්ශණීය තොරණ, පහන් කූඩු, දන්සල්, ශීල වැඩසටහන් ඇතුළුව කටයුතු රැසක් පැවැත්වීමට ජනතාව සූදානමින් සිටිති. එමෙන්ම වෙත්සක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7000ක් පමණ මෙවර ලියාපදිංචි වී ඇත.

තොටළඟ, කිරිබත්ගොඩ, කැලණිය, මහරගම, කොට්ටාව, රාජගිරිය ඇතුළු ස්ථාන රැසක වෙසක් තොරණ සහ වෙසක් කලාප ඉදි කර තිබේ. බෞද්ධාලෝක වෙසක් කලාපය සහ ගංගාරාමය ආශ්‍රිත බුද්ධ රශ්මි වෙසක් කලාපය දින කිහිපයක් පුරා පැවැත්වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක උපදෙස් දී තිබේ.

Exit mobile version