විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කළ යුතුයි… එය යල් පැන්න ආයතනයක්… අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් කියයි!

Upali-Sedara

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යනු අහෝසි කළ යුතු යල්පැන ගිය ආයතනයක් බව  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ  ලේකම් ආචාර්ය  උපාලි සේදර ප්‍රකාශ කරයි.

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අවශ්‍ය ආයනයක් දැයි ජනාධිපතිවරයා අවස්ථා ගණනාවක දී ඔවුන්ගෙන් විමසූ බවත් අවස්ථා පහක දී පුද්ගලිකව තමන්ගෙන් විමසූ බවත් අචාර්ය උපාලි සේදර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව මාර්ගගතව පැවති විශේෂ හමුවක දී ය.


ඔහු වැඩිදුරටත් කියන්නේ මෙසේය.

“ එංගලන්තයෙන් තමයි යූ,ජී.සී එක ආවෙ. අද එංගලන්තෙවත් යූ.ජී.සී එකක් නෑ.  ඉන්දියාව, බංගලාදේශය වැනි සාක් රටවල් ටික තමයි මේක අල්ලගෙන ඉන්නෙ. තායිලන්තයේ යූ.ජී.සී එකක් නෑ. ඉන්දුනීසියාවේ යූ.ජී.සී එකක් නෑ… කොරියාවෙ යූ.ජී.සී එකක් නෑ. මේක යල් පැන ගිය ආයතනයක්. “

මේ තත්වයෙන් මේ රට මුදා ගත යුතුයි. හැමදාම ජනාධිපතිතුමා අපිත් එක්ක කතා කරනකොට අහනවා යූ.ජී.සී එකක් ඕන ද කියලා.  මගෙන් පස් පාරක් අහලා තියනවා යූ.ජී.සී එක අවශ්‍යද කියලා.

ආචාර්ය උපාලි සේදර කීවේය. මේ ඔහු ඒ ගැන කියූ කතාවය.

දිගින් දිගටම ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල ද නිර්දය විවේචනයට ලක් කරන  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය උපාලි සේදර පුද්ගලික විශ්විද්‍යාලයක්වන  පල්ලෙකැලේ SIBA සරසවියේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරමින් වැටුප් ලබන බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති පවසයි.

කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් පුද්ගලික සරසවියක උපකුලපතිකම කරමින් පඩි ගන්නා බව පිළිගනී..

Exit mobile version