විරෝධතා පැවැත්වූ මහින්ද ජයසිංහත් අත්අඩංගුවට

අධිකරණ නියෝග සහ නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම හේතුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ සහ තවත් අයකු පමුණුගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

උද්ඝෝෂණයක් පැවැත් වීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ඊයේ දිනයේ දී වැලිසර අධිකරණය මගින් මීට අදාළව නියෝගයක් පොලිසිය විසින් ලබාගෙන තිබූණි.

මෙම උද්ඝෝෂණයට සහභාගි වූ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version