වියත්මගට එන්න බෑ කී වෛරසවේද විශේෂඥවරියට වුණු දේ ආණ්ඩු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ කියයි…

රට කනත්තක් වූ පසුත් පිස්සු කෙළින උද්දච්ඡ දේශපාලනයේ ඇත්ත මහාචාර්යවරයෙක් කියන හැටි...

තමන්ගේ හොඳම ගෝලයා මෙන්ම වෛරස වේදය පිළිබඳ ලෝකයේ විශිෂ්ටම දැනුම සහිත ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු වියත් මග දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධවන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා වසංගත පාලන ක්‍රියාන්විතයේ සියලුම කටයුතුවලින් ඉවත් කර පැත්තකට තබා ඇති අකාරය වෛරස වේදය පිළිබඳ ලෝ ප්‍රකට මහාචාර්යවරයෙක් වූ ද පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂයක  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් වූ ද තිස්ස විතාරණ  හෙළිදරවු කළේය.

ඔහු මෙම හෙළිදරව්ව කරනු ලැබුවේ විශේෂ අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

දේශපාලනයේ ඇති මේ දුර්දාන්ත ආකල්ප සහිත පටු බෙදීම සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් රටටත් කරන අගතිය පිළිබඳව මහාචාර්යවරයා වැඩිදුරටත් මේ සංවාදයේ දී හෙළි කළේය.


“මහාචාර්ය සිරිමලී මගේ හොඳම ගෝලයා හැටියට  මතු වුණ වෛරස විශේෂඥවරිය. එතුමිය මගෙ රසායනාගරයෙ වැඩ කළා පමණක් නොවෙයි. එංගලන්තයට ගිහින් වැඩි දුර අධ්‍යාපනය සඳහා එහෙ පරීක්ෂණ කළේ වෛර වේදය සම්බන්ධවයි.  ඇය ලංකාවට ආවෙ ඒ සියලු අත්දැකීම් සහිතව. කියන්න කණගාටුයි… ඒ විශේෂඥවරිය මේ වසංගතය සම්බන්ධ කටයුතුවලට  කිසිසේත් සම්බන්ධ කරගන්නෙ නෑ.      හේතුව මේකයි.  කවුරුත් දන්නවා වියත් මග ගැන.  ඔය සංවිධානයට එක් වෙන්න කියලා මටත් දෙතුන් ගමනක් ආරාධනා කළා.   මං කිව්වා දේශපාලන පක්ෂයකට අයත් කෙනෙක් ලෙසත් මගෙ වෘත්තියෙ නිදහස සලකලත් ඔය සංවිධානයට බැඳෙන්න කැමති නෑ කියලා.

මම කිව්ව මහාචාර්ය තුමිය වුණු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය    සිරිමලී ප්‍රනාන්දුටත් මේ ආරාධනාව ලැබුණා. ඇයත් දුන්නෙ මා හා සමාන පිළිතුරක්. එතුමියත් කිව්වා මගේ විද්‍යාමත වගකීම උපරිම ලෙස ඉටුකරනම්ත කැමති නෑ දේශපාලන අරමුණුත්  එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඇයගේ සේවය ලබා නොගන්න ඒ ඇයගේ ස්ථාවරය බලපෑවා.

බලපෑම්වලට යටවෙන්නෙ නැතිව විද්‍යාඥයෙක් හැටියට අවංක තීන්දුවක් පොදු යහපත සඳහා ගැනීමේ නිදහස විද්‍යාඥයෙකුට පුලුවන් වෙන්න ඕන.   මගෙ මුළු ජීවිතය පුරාම මා වැඩ කළේ ඒ ලෙස.

මෙතන අපට කියන්න කණගාටුයි කල්ලි බෙදීම් තියනවා. වෙන විවිධ පටු හේතූන් මත ඇතිවන බෙදීම  සෞඛ්‍ය සේවය දුර්වල කරන්න බලපානවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වීඩියෝව බලන්න

Exit mobile version