විමල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න… කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කරයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (13) වරෙන්තුවක් නිකුත් කළේය.

එව වරෙන්තුව නිකුත් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරා ලංකාවට පැමිණි අවස්ථාවේ දී මහජනයාට පීඩාවක් ඇතිවන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධව විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද කැඳවූ අවස්ථාවේ දී අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙනි.

කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක, ඇතුළු 07 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර මොවුන් එම උද්ඝෝෂණයේ නිරත වූ බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේය.

නඩුව කැඳවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වරෙන්තුවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නඩුව ලබන ජූනි මස 19 දින යළි කැඳවීමට නියම කළේය.

Exit mobile version