විනයක් නැති බස් බලන්න ලබන සතියේ දී ඇප් එකක්…

ශ්‍රියානි විජේසිංහ                                 

අනවශ්‍ය ලෙස හිමින් යන බස්රථ හා අධික වේගයෙන් ගමන්ගන්නා බස්රථ පිලිබඳව සොයා බැලීම සඳහා දුරකථන යෙදවුමක් (ඇප් App) හඳුන්වා දීමට ජාතික ගමනා ගමන කොමිස තීරණය කර ඇත.

මෙම  යෙදවුම මගීන්ගේ ජංගම දුරකථනය ලබාදෙන අතර එහිදී තමන් ගමන් ගන්නා බස් රථය පැමිණෙන්නේද නැද්ද යන්න , පැමිණෙන්නේ නම් වේලාව සහ එමබස් රථයට ගොඩවිය හැකි ස්ථානයන්  නිවැරදිව හඳුනාගත හැකි වනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම දුරකථන යෙදවුම ලබන සතියේදි මගීන්ට හදුන්වාදීමට නියමිත අතර මෙමගින් මගීන්ගේ කාලයකළමණාකරණය කර ගැනීමටත් හදිසි අනතුරු වලක්වා ගැනීමටත් හැකිවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.


 

Exit mobile version