විදේශ පුහුණුව නිමවා එංගලන්තයේ කොටු වී සිටින වෛද්‍යවරුන් 60ක් ගෙන්වා ගැනීමට සැලසුමක්…

නතාෂා නෙත්මිණි –                                                           

විදේශීය විශේෂඥ  පුහුණුව නිමකර සිටින වෛද්‍යවරුන් 60 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය විදේශ සේවා කටයුතු අමාත්‍යංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය සඳහන් කරයි.

සිය පුහුණුව නිම කර  ශ්‍රී ලංකාව බලා එමට සිටි මෙම වෛද්‍යවරුන්ට නවකොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමග  දැඩි බලපෑම් එල්ල වීම හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවට තොරුතුරු ලැබී ඇතැයි ද හෙතෙම කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 පුහුණුව නිමකළ වෛද්‍යවරුන් ලංකාවට පැමිණීමට තීරණය කරමින් තමන් පදිංචිව සිටි නවාතැන්වලින් පවා ඉවත් ව සිටියදී නැවතත් එංගලන්තරය තුළ නව කොරෝනා වෛරසයක් පැතිර යාමත් සමග එම වෛද්‍යවරුන්ට තමන් සිටි  නවාතැන් පවා අහිමි වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.


 

Exit mobile version