විදේශයන්හි සිට පැමිණෙන්නන් හා ගුවන් කාර්ය මණ්ඩල නිරෝධායනය අසාර්ථකයි…

මොන නිරෝධායනයක්වත් නෑ... පාරවල් ගානෙ ඇවිදිනවා... පී.එච්.අයි මහත්තුරු චෝදනා කරති.

නතාෂා නෙත්මිණි                                                      

විදේශයන්හි  සිට පැමිණෙන පුද්ගලයින් සහ ගුවන් කාර්ය මණ්ඩ සාමාජිකයන් සම්බන්ධයෙන්  සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකරන නිරෝධායන වැඩපිළිවල අසාර්ථක යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමය චෝදනා කරයි.

මොවුන් ගුවන්තොටුපල ආසන්නයේ හෝටල් තුළ නිරෝධායනය වන බව පැවසුව ද ඔවුන් තමන් නවාතැන් ගෙන තිබෙන හෝටල්වලින් පිටත සැරසරන බවට තොරතුරු අනාවරණය වන නමුත් මෙම කටයුතු අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නොවන බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.‍

ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් නිරෝෙධායන විය යුතු නමුත් ඔවුන් නිවෙස් වෙත යන බවටද තොරුතුරු අනාවරණය වී ඇතැයි ද නමුත් ඒ පිලිබඳව සොයා බැලීමේ ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන ඒකකය තුළ නොපවතින බවද හෙතෙම පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට විදේශීය රටවල් කීපයක් ඉතා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මෙරටට පැමිණිම වැලැක්විය නොහැකි බවත් එසේ පැමිණියහොත් පාලනය කිරීමට නොහැකි වනු ඇතැයිද ඔහු පෙන්වාදේ.

 

Exit mobile version