විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වන්න ගුවන් යානා පහක්

විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සඳහා හෙට (11) සිට දිනපතා ගුවන් යානා ගමන් වාර පහක් ක්‍රියාත්මක වන බව විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේය.

දැනට ක්‍රියාත්මක වන්නේ ගුවන් යානා දෙකක් වුවද මේ අනුව හෙට සිට වැඩි කරන ගුවන් යානා මැද පෙරදිග රටවල සිටින විදෙස්ගත ශ්‍රි ලාංකිකයන් ගෙන්වීම සඳහා ඒ අනුව යොදවන බවද විදේශ අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

මෙලෙස ගෙන්වන ශ්‍රි ලාංකිකයන් සම්බන්ධයෙන් මෙරටදී අනුගමනය කළ යුතු පී.සී.ආර් පරීක්ෂණ නිරෝධායන පහසුකම් සැපයීම වැනි කටයුතු සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව ඇති බවත් මේ වනවිට එම පහසුකම් සූදානම් කරමින් පවතින බවත් මහාචාර්ය ජයනාත් කොලඹගේ මහතා තවදුරටත් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය දෙසැම්බර් මාසයේදී එවැනි ශ්‍රි ලාංකිකයන් 12600ක් ගෙන්වා ඇති අතර මේ අනුව ජනවාරි මාසයේදී මෙම සංඛ්‍යාව නිසැකවම වැඩි කර ගත හැකිවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version