විදුලිය ලබා දීම ගැන ගැටලුවක් නෑ… ඇස්තමේන්තුව යළි සලකා බලන්න ලංවිම එකඟවුනා… දියවඩන නිලමේ කියයි!

පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නොනගින බව  ශ්‍රී දළදා මාලිගාවේ දියඩවන නිළමේ ප්‍රදීප් නිලංග දෑල   පවසයි.

විදුලි බල මණ්ඩලය මගින් දැනට ලබා දී තිබෙන ඇස්තමේන්තුව නැවත සලකා බැලීමට ඔවුන් සූදානම් බැවින්
මහනුවර ඇසළ පෙරහරට විදුලි ආලෝකය ලබාදීම සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලුව විසඳෙනු ඇතැයි දියවඩන නිළමේවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය දැනට සාධනීය පිළිතුරක් ලබා දී තිබෙන්නේ යැයි ද දියවඩන නිළමේවරයා  පැවසුවේය.

රැස්වීමට සහභාගී වූ නිලධාරීන්ගෙන් පිරිසක්…

දළදා පෙරහරේ විදුලිය සැපයීම සම්බන්ධව පැන නැගී ඇති ගැටලුව විසඳා ගැනීම සඳහා අද (19) දළදා මාළිගාවේ බහු කාර්ය ගොඩනැගිල්ලේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව දියවඩන නිලමේවරයා මේ බව මාධ්‍යය වෙත ප්‍රකාශ කළේය.


මෙම රැස්වීම සඳහා දියවඩන නිලමේවරයා ප්‍රමුඛ  සතර මහා දේවාල බස්නායක නිළමේවරු, මහනුවර දිස්ත්‍රික් ලේකම්, විදුලි බල මණ්ඩලයේ නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්  සහභාගි වූහ.

මහනුවර ඇසළ පෙරහර සඳහා විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කර තිබෙන මුදල් ඇස්තමේන්තුව පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙරහර සඳහා සෑම වසකර වෙනම විදුලි බිලක් ඉදිරිපත් වන නමුත් ඒ සඳහාවන ගෙවීම් අදාළ පර්ශව සමඟ සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණෙන බවත් දියවඩන නිලමේවරයා  පැවසුවේය.

Exit mobile version