විදුලිබල මණ්ඩලයේ පිළියන්දල පුහුණු මධ්‍යස්ථානය කොවිඩ් රෝහලක් වෙයි..

CEB-Traning-Center-PiliyandalaA

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකා විදුලිබල මණ්ඩලයේ පිළියන්දල පුහුණු මධ්‍යස්ථාන ලංකා හොස්පිට්ල් හා එක්ව ලංකා විදුලිබල හා ලෙකෝ ආයතනයේ සේවකයින් සහ ඔවුන්ගේ පවුලේ අය වෙනුවෙන් කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පත්කර ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි.

කොවිඩ් වසංගතය හමුවේ අඛණ්ඩව විදුලිය සැපයීම වෙනුවෙන් කැපවන විදුලි සේවකයින් සදහා මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (22) විවෘත කළ අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇත.

මෙහි සියලුම සේවකයින් සදහා එන්නත්කරණය, වාර්ෂික රක්ෂණ ක්‍රමය හා රුපියල් ලක්ෂ එකහමාරක විශේෂ සෞඛ්‍ය දීමනාවක් හිමිවනු ඇත.


Exit mobile version