වැල්ලමඩම ආපනශාලාවකට මැර ප්‍රහාරයක්

මාතර සම්පත්

මාතර රුහුණු විශ්ව විශ්වවිද්‍යාලය අසල වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකට කඩාවැදුණු පස්දෙනකුගෙන් යුතු මැර කණ්ඩායමක් එම ආපනශාලාවේ දේපළවලට දැඩි අලාභ හානි සිදුකර තිබේ.

මෙම පස් දෙනාගේම අත්වල කඩු ආදි තියුණු ආයුධ තිබී ඇති අතර එම කඩුවලින් පහරදී ආපනශාලාවේ බේකරි නිෂ්පාදන දමා තිබූ කැබින් සහ ඉදිරිපස වීදුරු ඩිජිටල් නාම පුවරුව ඇතුළු දේපළවලට දැඩි අලාභ හානි සිදු කර තිබේ.


මෙම සැකකරුවන් පස්දෙනා දෙවිනුවර ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ පදිංචිකරුවන් වන අතර මෙම මැර කණ්ඩායමේ නායකයා මීට දින හතරකට පෙර බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි පුද්ගලයෙකි.

දේපළවලට අලාභහානි කරමින් සිටි මෙම මැර කණ්ඩායම ව්‍යාපාරය හිමිකාර තරුණයා එම ස්ථානයට එන තෙක් පැය දෙකක පමණ කාලයක් මව සහ පියා බිය ගන්වමින් සිහි රැඳී සිටින ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇත.

අනතුරුව රාත්‍රී 1.00 ට පමණ ව්‍යාපාර හිමිකරු එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී මැරයන් කඩාපැන ව්‍යාපාරිකයා මෝටර් රථයේ සිටියදීම කඩුවලින් මෝටර් රථයට පහරදෙමින් අලාහානි සිදුකර තිබේ.

කඩු පහරවල් හමුවේ ව්‍යාපාරිකයා එම ස්ථානයෙන් පලා ගියේය. මෙම පහරදීම හේතුවෙන් මෝටර් රථයට රුපියල් ලක්ෂ 8ක පමණ අලාභ හානියක් සිදුකර ඇති අතර ව්‍යාපාරයට රුපියල් ලක්ෂයකට අධික අලාභහානි සිදුකර තිබේ.

අනතුරුව සැකකරුවන් පස්දෙනා පලාගිය අතර මාතර පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ගේ නිවාසවලට ගිය පසු ඔවුන් නිවාස හැර ගොස් ඇති බව අනාවරණය වී ඇත.

අනතුරුව පොලිසිය සිදුකළ විමර්ශනවලින් පසු එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි චන්දන හේරත් මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන කටයුතු සිදුකරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රධාන සැකකරුවාගේ මව ද කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාර ගතව සිටි.

Exit mobile version