වැඩි මිලට හාල් වික්කාට ලක්ෂ 5ක දඩ

කීර්ති ප්‍රනාන්දු –

පාලන මිල රුපියල් 220 ට නියමකර තිබෙන රතු නාඩු කිලෝවක් රුපියල් 225ට අලෙවි කළ හොරණ නගරයේ වෙළෙඳ‍ෙලකට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් නියම කර තිබේ.

පෞද්ගලික සමාගමක් නමින් පවත්වාගෙන යන මෙම වෙළෙඳසලේ සිදු කළ හදිසි වැටලීමකදී වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව එම සමාගමට විරුද්ධව පාරිභෝගික සේවා අධිකාරියේ කළුතර දිස්ත්‍රික් ඒකකය මගින් පැවරූ නඩුවක් විභාගයට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම දඩ නියම කර තිබේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාරිභෝගික සේවා අධිකාරිය කළුතර දිස්ත්‍රික් ප්‍රධානී ජේෂ්ඨ විමර්ශන නිලධාරී ලංකා දික්කුඹුර විමර්ශන නිලධාරීන් වන සංජීව ගමගේ ,එන් .ජී. එස් . දේශානි සහ ගයත්‍රී රණවීර යන පිරිස මෙම වැටලීම සිදු කළ අතර විමර්ශන නිලධාරීනි ආර්. මාලනී පැමිණිල්ල මෙහෙය වූවාය.

Exit mobile version