වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ඊයේ… මරණ 44යි. ආසාදිතයන් 3538

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් දිනකට ලංකාවෙන් වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. අද (22) නිකුත් කළ එම වාර්තාවට අනුව ඊයේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 44ක් සිද්ධ වී තිබිණි.Draft

ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවව 1100 ඉකමවනු ලැබීය. අද වනවිට රජය නිල වශයෙන් දන්වන මරණ සංඛ්‍යාව 1132කි.

එමෙන්ම ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 3538ක් වාර්තා වූයේය. ඒ අනුව දෙවන රැල්ලෙන් පසු මෙරට වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස ඉක්මවනු ලැබීය.

මේ වනවිට වාර්තාවන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 151944කි.

මේ පිළිබඳ රජය මාධ්‍යයට නිකුත්කළ සංක්ෂිප්ත වාර්තා පහත දැක්වේ.

 

Exit mobile version