වැඩිම කොවිඩ්  ආසාදිතයන්  වාර්තා වුණ ඊයේ කොවිඩ් මරණ 08ක්…

මේ දක්වා වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ ඊයේ දිනයේ  දී කොවිඩ් පුද්ගල මරණ 08ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

පොල්ගොල්ල ප්‍රදේශයේ 62 හැවිරිදි පුද්ගලයෙක්, හෙට්ටිපොල ප්‍රදේශයේ 45 හැවිරිදි පුද්ගලයෙක්, මතුගම ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ 56 හැවිරිදි පුද්ගලයෙක්, පන්නිපිටියේ 76 හැවිරිදි පුද්ගලයෙක්,  අඹගහපැලැස්ස ප්‍රදේශයේ  48 හැවරිදි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක්, ශ්‍රී ජයවර්ධනපුර 57 හරනිරිදි පුද්ගලයෙකක් මියගොස් තිබුණහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව  655කි. ඊයේ දිනය තුළ ලංකාවෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයන්  1096ක් වාර්තා වුණේය.


Exit mobile version