වාහන කීපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයකට… ජාතික ඉන්ධන බලපත්‍රය යාවත්කාලීන වේ…

ඉන්ධන කෝටාව සංශෝධනය පිළිබඳ තිරණය අද....

Kanchana-W

වාහන කීපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි  කිරීමට අවසර ලබා දෙමින්  ඉන්ධන ජාතික ඉන්ධන බලපත්‍රය යාවත්කාලීන කර තිබේ.

බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මේ යටතේ රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාර සඳහා අවස්ථාව සැලසෙනු ඇති බවය.

මේ යටතේ එක් දුරකථනයකින් වාහන කීපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචියට ඉඩ සැලෙසන බවය.

මේ අතර කිව්ආර් කේත ක්‍රමයට පිටින් ඉන්ධන ලබා දෙන ඉන්ධන පිරවුම්හල් විෂයෙහි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නත්, ඉන්ධනහල් වෙත ලබා දුන් ඉන්ධන සහ කේත ක්‍රමය යටතේ නිකුත් කළ ඉන්ධන විගණනයකට ලක් කර ක්‍රමය අපරහරණය කළ පුද්ගලයින් හඳුනාගන්නටත් කටයුතු කිරීමට බලශක්ති අමාත්‍යාංශය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගෙවුණු සතියේ පිරිභෝජනය කෙරුණු ඉන්ධන ප්‍රමාණය ගැන සලකා බලා ලබන සතියේ දි වාහන සඳහා නිකුත් කරන ඉන්ධන කෝටාවෙහි යම් කිසි සංශෝධනයක් කරනවා ද නැද්ද යන වග සම්බන්ධයෙන් අද තීරණය කරනු ලැබේ.

Exit mobile version