රට තුළ වාහන එකලස් කරන්න අවසර

වාහන ආනයනය සීමාව එලෙසම ක්‍රියාත්මක වන අතරතුර මෙරට තුළ වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බවය.

“මෙරටට වාහන ආනයනය තාවකාලිකව නතර කළේ පවතින විදේශ විනිමය අර්බුදය නිසා. අපේ විදේශ විනිමය අර්බුදය ක්‍රමානුකූලව විසඳෙයි කියලා බලාපොරොත්තු වෙනවා.


එතෙක් කර්මාන්ත ඇමතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදීලා තියෙනවා. ඒ කටයුතු පෞද්ගලික අංශය මගින් තමයි සිදු කරන්නේ.”යැයි ද හෙතම කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2020 වසරේදී මාර්තු මාසයේදී මෙරටට වාහන ආනයනය මුළුමනින්ම තහනම් කර ඇති අතර එය මේ වසරේ දෙසැම්බර් දක්වා දීර්ඝ කර තිබේ.

Exit mobile version