වායුසමීකරණය කළ තැන්වල වෛරස ව්‍යාප්තිය වැඩියි – වසංගත රෝග  ඒකකයේ ප්‍රධානී  

වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක ස්ථානවල වෛරසය පැතිරී යෑමේ හැකියාව සහ අවදානම වැඩි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද (29) නිවේදනය කළේය.

විශේෂයෙන්ම ජනෙල් දොරවල් වැසූ කුඩා කාමරවල මෙම අවදානම ඉතා ඉහළ බව ඔහු පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැකි සෑම අවස්ථාවකම ජනෙල් දොරවල් විවෘතකර තැබීමට සෞඛ්‍ය අංශ නිර්දේශකරන බව කී ඔහු රටේ හැම දිස්ත්‍රික්කයකින්ම  රෝගීන‍් වාර්තා වෙමින් ඇති නිසා රාජකාරිවල යෙදෙන පිරිස් දැඩි අවධානයකින් සිය රාජකාරි කටයුතු කරන ලෙස පැවසුවේය.


Exit mobile version