වාද්දූවේ දී  ත්‍රී රෝද රථයක් ගාලු කුමාරි දුම්රියේ ගැටෙයි… අනූ නවයෙන් ජීවිත බේරෙයි!

සුමිත් පොතුපිටිය –

මරදාන බලා ගමන් ගන්නා ගාලුකුමාරී සීඝ්‍රගාමී දුම්රියේ අද උදෑසන වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ගැටී එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා අනූ නවයෙන් ජීවිත බේරාගෙන තිබේ.

වාද්දුව තල්පිට්ය රත්නායක පාර ආසන්නයේ ඇති  අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද උදෑසන 8.45 පමණ මෙම අනතුර සිදුව ඇත.

ගාලුපාර දෙස සිට මුහුදු බඩ දෙසට ත්‍රීරෝද රථය ගමන් කර ඇති අතර ආරක්ෂක ගේට්ටුවක්  නොමැති බැවින් හරස් මාර්ග‍ය ඔස්සේ ගමන් කිරීමේදී ත්‍රීරෝද රථයේ එන්ජිම රේල් පාර මැද නතරවී ඇතැයි සඳහන් වේ.

ත්‍රීරෝද රථ රියදුරු බැස කාන්තාවන් දෙදෙනාව  රථයෙන් ඉවතට ගැනිමත් සමග     දුම්රිය ත්‍රීරෝද රථයේ ගැටී තිබේ.


කතුන් දෙදෙනා සමෘද්ධි සහනාධාර ලබාගැනීම සදහා තල්පිට්ය සමෘද්ධි බැංකුව වෙත යමින් සිට ඇතැයි සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාද්දුව පොලිසිය  පරීක්ෂණ පවත්වති .

Exit mobile version