ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගැසූ යාපනයේ තරුණයෙක් අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ –

රුපියල් දහසේ සහ පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කොට යාපනය පුරා බෙදා හරින තරුණයෙකු  කන්කසන්තුරේ පොලීසිය විසින් ඊයේ ( 10 )  අත් අඩංගුවට ගෙන තිබේ.

විසිහත් හැවිරිදි මේ තරුණයා විසින් මුද්‍රණය කළ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු පහක් නල්ලූර් කෝවිල් පරිශ්‍රයේ වෙළඳ සැල්වලට ලබා දී භාණ්ඩ මිලට ගත් අවස්ථාවේදී කෝපායී පොලීසියේ නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණි.

රුපියල් පන්දහසක තවත් මුදල් නෝට්ටු දෙකක් යාපනයේ ඉලවාලී හා තෙලිප්පලෙයි ප්‍රදේශවල වෙළඳසල් වලට ලබා දී හාණ්ඩ ලබා ගැනීමට  උත්සාහ කළ තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් කන්කසන්තුරේ පොලීසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසුව යාපනයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරණ තරුණයා අත් අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා ලද පරිගණකයක් හා තවත් උපාංග කිපයක්ද මුද්‍රණය කරමින් තිබූ තවත් නෝට්ටු කීපයක්ද සැකකරු සමග පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.


ව්‍යාජ  මුදල් නෝට්ටු මුද්‍රණය කළ තරුණයා හා එම නෝට්ටු වෙළදසැල් වලට ලබා දී  භාණ්ඩ මිලට ගත් තරුණයින් දෙදෙනා  මල්ලාකම් හා යාපනය අධිකරණ වලට ඉදිරිපත් කිරීමට කෝපායී හා කන්කසන්තුරේ පොලීසි පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසිය පවසන්නේ යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය නිසා ඒ අවට වෙළඳසැල් ඉතා කාර්ය බහුල වී ඇති අවස්ථාවේ දී  ව්‍යාජ මුදල් නෝට්ටු මාරු කර ගැනීමට ඔවුන්  උත්සාහ කරමින් සිටින බවය.

 

Exit mobile version