වහාම ඉවත්වන්න… ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07කට නායෙ යෑමේ රතු නිවේදන

Land-Slide

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායෙ යෑමේ අවදානම් රතු නිවේදනය නිකුත් කර ඇත. එම කලාපයෙන් වහාම ජනතාවට ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, පාලින්ද නුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නායෙ යෑම් සම්බන්ධ රතු නිවේදනය නිකුත් කර ඇත.

වර්ෂාව පවතින්නේ නම් ඉවත්වන ලෙස දෙවන මට්ටමේ අවදානම් නිවේදන කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටස, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, රුවන්වැල්ල, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, අරණායක, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට දැනුම් දී තිබේ.

මීට අමතරව කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

Exit mobile version