වසර 2300ක් පැරණි පොලොන්නරු අතීතය හෙළි කරමින් කවුඩාගල දාගැබෙන් පුරාවස්තු රැසක් හමුවේ…

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසන පූජා භූමියේ පිහිටා තිබූ වසර  2300 කට වඩාත් පැරණිය යැයි  සැළකෙන ඉපැරැණි  චෛත්‍ය රාජාණන් වහන්සේ කැණීම් කටයුතු කිරීමත් සමග ඉතා  වටිනා  පෞරාණික වස්තු රැසක් හමු වී තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචර්ය අනුර මනතුංග ගේ උපදෙස් මත පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය විසින් සිදුකළ මෙම කැණීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කළේ     මෙම චෛත්‍යය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දි පමණ ඉදිකර ඇති බවය.

හමුවූ පුරාවස්තුවක්…

එතැන් සිට අඛණ්ඩව වසර දහසක් පමණ මෙම පුදබිම බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වී ඇති බව පුරාවිද්‍යා සාධකවලින් හෙළි දරව් වී තිබේ.


අනතුරුව කලක් ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්ව ඇති ඓතිහාසික  කවුඩාගල ආරණ්‍ය සේනාසන පුදබිම   නටබුන් බවට පත්ව නිධන් හොරුන්ගේ  ග්‍රහණයට ලක්ව ඇත.

චෛත්‍ය කැණීම් කටයුතු සිදුකිරීමේදී   වරින් වර ඡත්‍ර හා ඡත්‍ර  දන්ඩයක්, පළිඟු වලින් කර ඇති බවට සැලකෙන ඉපැරණි කරඬු වහන්සේ නමක්, පබළු වර්ග කිහිපයක්, පාෂාණ වර්ග, හා තවත්   වටිනා පුරාවස්තූන් රැසක් සොයාගෙන ඇත.

ඉකුත් 20 වෙනිදා ද  මෙම චෛත්‍යයේ තිබී පුරාවස්තු කිහිපයක් හමුවී ඇති අතර එම  පුරාවස්තු වලින්  කුඩා  ප්‍රමාණයේ පුරාවස්තු සියල්ල සුරක්ෂිතව යළි තැන්පත් කිරීම සඳහා පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයේ තැන්පත් කර තිබේ.

මෙම  ව්‍යාපෘතියට  රුපියල් ලක්ෂ 75 ක මුදලක් වැය   වන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇත.

කැණීම් සිදුකරන ආකාරය…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට වසර හතරකට අධික කාලයක් මෙහි වැඩ වාසය කරන දේවගල  පඤ්ඤාසීහලංකාර නාහිමියන්ගේ ඉමහත්  කැපවීමෙන්    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම කැණීම් කටයුතු සිදු කර යළිත් වරක්  මෙම කවුඩාගල ආරණ්‍ය සේනාසන පුදබිම් ලක්වාසී ජනතාවට වැඳුම් පිදුම් කිරීමට ඉඩ සලසා දීමේ ශාසනික ව්‍යාපෘතිය   මේ වසරේ  අගෝස්තු මාසයේ  එකොළොස් වැනිදා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රිපාල ගම්ලත් ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.

 

Exit mobile version