වසර 05 පසු මිනී මරුවා හෙළි වේ… හයමස් බිළිඳිය සහ මවගේ සිරුරු පස්වරකට පසු  සොයා  ගනී…

දිනසේන රතුගමගේ –

මීට වසර පහකට ඉහතදී වවුනියාවේ මරදන්කුලම් මුරුගන් ඌර් ගම්මානයේදී ඝාතනයට ලක් වූ මවකගේ හා හය මස් බිළිදෙකුගේ ඝාතකයා බිරියගේ ස්වාමි පුරුෂයා බවට තොරතුරු හෙළි වීමත් සමගම මළ සිරුරු වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණ නියෝග මත ඊයේ 8 දා යළි ගොඩ ගෙන තිබේ.

වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිල්ධාරීන් විසින් බිරිද හා දරුවා මරා දැමූ බව කියන පුද්ගලයාව අත් අඩංගුවට ගෙන ඔහුගෙන් ලබා ගත් පාපොච්චාරණයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වළ දමා තිබූ මළ සිරුරු ගොඩ ගෙන පරීක්ෂණ පවත්වන ලෙසට වවුනියාව මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

වවුනියාව මුරුගන් ඌර් ගම්මානයේ පදිංචි තරුණයෙකු යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ රැකියාවකට ගොස් සිටියදී විසි හැවිරිදි පරමේස්වරන් සජින්තිකා  තරුණිය සමග ප්‍රේම සබදතාවයක් ඇති කර ගැනීමේ ප්‍රතිපලයක් ලෙස ඇය ගැබ් ගෙන තිබේ.


දෙමව්පියන්ගේ බල කිරීම මත ඔහු තරුණිය සමග විවාහ වී දරුවා සමග වවුනියාවට පැමිණ ඇති අතර 2015 අගෝස්තු මස 9 වෙනිදා නිවසේ ඇති වූ යම් ආරවුලක් මත ඔහු ඇයට හා දරුවාට පහර දී ගෙළ සිර කිරීමෙන්  ඝාතනය කොට  මළ සිරුරු දෙකට පොල් ලෙලි පොල් අතු හා භූමිතෙල් දමා ගිණි තබා ඇත.

මියගිය කාන්තාව සමග විවාහ වී සිටි ස්වාමි පුරුෂයා දරුවකු ලැබීමෙන් පසුව මාස හයකට පසුව දෙදෙනාම මරා පුලුස්සා වවුනියාවේ පිහිටි නිවස අසල වළක් කපා වළ දමා ඇත්තේ  2015 වසරේ අගෝස්තු 9 වෙනිදාය.

දින කීපයකට පසුව තම බිරිද හා දරුවා අතුරුදන්ව ඇති බවට වවුනියාව පොලීසියට පැමිණිල්ලක් කළ ඔහු තවත් මාස කීපයකට පසුව විදේශ ගත වී තිබේ.

ඔහු පලමුවර විදේශ ගතවී ආපසු පැමිණ යළි විදේශ ගතවීම ගැන සැක සිතු අතුරුදහන් වූ බව කී දියණියගේ දෙමව්පියන් යාපනයේ මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මානව හිමිකම් කමිටුව විසින් වවුනියාව පොලීසියට කළ දැනුම් දීමක් මත  වවුනියාව ජෙයෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස ලාල් ද සිල්වාගේ මෙහෙයැවීම මත වවුනියාව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංග ඉදුනිල්ප්‍රධාන පිරිසක් විසින් සැකකරුව අත් අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම් වලින් පසුව සිද්ධිය පිළිබදව තොරතුරු හෙළි වී තිබේ

Exit mobile version