වසංගත රෝග ප්‍රධානියා මාරු කළේ කොවිඩ් මරණ දත්ත වැරදියට දුන් නිසා… රාජ්‍ය ඇමතිනී සුදර්ශනී…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසංගත රෝග අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එම තනතුරින් ඉවත් කරනු ලැබුවේ කොවිඩ් 19 රෝගීන්ගේ මරණ පිළිබඳ දත්ත වගකීම් රහිත ලෙස නිකුත් කිරීම නිසා බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

“COVID-19 සංඛ්‍යාලේඛන සැලකිල්ලට ගැනීමෙන් පසුවයි රජය මෙම තීරණ ගත්තෙ… දත්ත නිකුත් කිරීමේදී වගකීම් විරහිතව සිටීම බරපතල වරදක්” ඇමතිවරිය වැඩිදුරටත් කීවාය.

මේ අතර, සාවද්‍ය COVID-19 සංඛ්‍යා ලේඛන මුදා හැරීමේ පියවර පිටුපස කුමන්ත්‍රණයක් තිබේදැයි විමසූ විට ඇය කියා සිටියේ එය කුමන්ත්‍රණයක් යැයි කෙලින්ම පැවසිය නොහැකි බවයි

Exit mobile version