වසංගතය මඩින්න යාපනයේ දී ගත් සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට නගරාධිපති එරෙහි වෙයි…

දිනසේන රතුගමගේ –

යාපනයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය පැවැත්වෙන කාලයේදී පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පනවා ඇති සීමාවන් ලිහිල් කරගැනීම සඳහා යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්   පොලීසිය හා සෞඛ්‍ය අංශ සමග 17 දා  සාකච්ඡා කොට තිබේ.

පොලීසිය විසින් නල්ලූර් කෝවිලට ඇතුලු වන සෑම මාර්ගයක්ම මාර්ග බාධක යොදා අවහිර කොට තිබීම බැතිමතුන්ට  විශාල හිරිහැරයක් බැවින් ඒවා ඉවත් කරන ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

නගරාධිපතිවරයා එම මාර්ග බාධක නිරීක්ෂණයට ලක් කොට ඇති අතර පොලීසිය ප්‍රකාශ කොට ඇත්තේ සෞඛ්‍ය නිර්දේශයන් මත මේ තීරණයන් ගෙන ඇති නිසා පොලීසියට පමණක් තනිවම තීරණයන් ගත නොහැකි බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය  නගර සභාවේ හදිසි රැස්වීමක් කැඳවා සෞඛ්‍ය නිලධාරීන් හා පොලීසිය සමග සාකච්ඡා කොට නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ල සමය තුළ බැතිමතුන්ට යම් සහනයක් සලසා දීමට තමන් කටයුතු කරණ බව යාපනය නගරාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ.

Exit mobile version