වවුනියා විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට මහ රෑ ග්‍රීස් යකෙක් රිංගලා… සියලුම නේවාසික ශිෂ්‍යාවෝ නේවාසිකාගාරය අතහැර නිවෙස්වලට යති!

දිනසේන රතුගමගේ –

වවුනියාව විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට මැදියම් රැයේදී අඩ නිරුවතින් පුද්ගලයෙකු ඇතුලුවීමත් සමගම බියට පත් වූ කාන්තා නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් එම නේවාසිකාගාරයෙන් ඉවත් වී ඊයේ  (25 )   නිවෙස් වලට ගොස් තිබේ.

කිසියම් ශබ්දයක් ඇසී එක් ශිෂ්‍යාවක් අවදි වී නේවාසිකාගාරයේ විදුලි පහන් දැල් වූ අවස්ථාවේදී කුඩා යට අදුමකින් පමණක් සැරසී සිටි එම පුද්ගලය කාන්තා නේවාසිකාගාරයෙන් පලා ගොස් තිබේ

එම පුද්ගලයාව  කාන්තා නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් කීප දෙනෙකු විසින්ම දැක ඇති අතර උදෑසන විශ්වවිද්‍යාල කාන්තා නේවාසිකාගාරයේ සී.සී.ටීවී කැමරා පද්ධතිය පරීක්ෂා කරණ විට කිසියම් පුද්ගලයෙකු අඩ නිරුවතින් කාන්තා නේවාසිකාගාරයට ඇතුලු වන දර්ශන එහි සටහන් වී තිබී ඇත

විශ්වවිද්‍යාල බලධාරීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ගත් පියවර ප්‍රමාණවත් නොමැති බවත්  කාන්තා නේවාසිකාගාරය තුළ තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් කියමින්  ශිෂ්‍යාවන් සියලු දෙනාම විශ්ව විද්‍යාලයෙන් පිටව නිවෙස් වලට ගොස් තිබේ


මේ සිද්ධිය දුරකතන පණිවුඩයක් මගින් නිවසට දැණුම් දුන් එක් ශිෂ්‍යාවකගේ මවක් හදිසියේම වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් රෝහල ගත කොට තිබේ

වවුනියාව විශ්ව විද්යාලය හා කාන්තා නේවාසිකාගාරය පිහිටා ඇත්තේ වවුනියාව මන්නාරම මාර්ගයේ පම්පමඩුව ප්‍රදේශයේය

එම ප්රදේශය මදක් කැළෑබද ප්රදේශයක් වන අතර  කාන්තා නේවාසිකාගාරයේ ශීෂ්යාවන් ප්රකාශ කරන්නේ විශ්ව විද්යාලය තුළ සේවයට යොදවා සිටින ආරක්ෂක නිලධාරීන්ට මසකට රුපියල් ලක්ෂ ගණනක් වැටුපක් ලබා දෙද්දී ඔවුන් සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකරණ බවයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව විශ්ව විද්‍යාලයේ බලධාරීන් මේ පිළිබඳව වවුනියාව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version