වවුනියාව තානායම සීල් තබා නගරසභා සභාපති අත්අඩංගුවට ගනී….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



දිනසේන රතුගමගේ

වවුනියාව නගරයේ පිහිටි තානායමට පොලීසිය විසින් සීල් තබා ඊට ඇතුළුවීම ඊයේ (15) සිට සියලුම දෙනාට තහනම් කොට තිබේ.

වවුනියාව නගර සභාවේ සභාපතිවරයා තානායමට ඇතුළු වී එහි කලමනාකාරවරයාට හා සේවකයින් දෙදෙනෙකුට පහර දී තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වවුනියාව පොලීසිය තානායම වසා දැමීමට පියවර ගෙන තිබේ.

නගර සභා සභාපතිවරයා වවුනියාව තානායමෙන් අයවිය යුතු බදු මුදල් ගැන සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදි ඇති වූ බහින්බස් වීමක් මත සභාපතිවරයා මෙම පහර දීම සිදු කොට තිබේ.

මේ අවස්ථාවේදී තානායමේ දේපල වලටද නගර සභාවේ සභාපතිවරයා අලාභ හානි සිදු කළ බවට පැමිණිලි ලැබී ඇති අතර වවුනියාව පොලීසිය විසින් නගර සභාවේ සභාපතිවරයා අත් අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හර තිබේ.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් නගර සභාවේ සභාපතිවරයාට එරෙහිව නඩු පැවරෙන අතර වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version