වව්නියා විශේෂ ආර්ථික මධ්‍යස්ථානය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙයි..

දිනසේන රතුගමගේ

වවුනියාව නුවර පාරේ පිහිටි විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරණ රෝහලක් බවට පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් හා යුද හමුදාව ඊයේ ( 6 ) තීරණය කොට තිබේ.

ඒ අනුව දැනට වසා දමා තිබෙන එම ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩනැගිලි යුද හමුදාව හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු පළාතෙන් හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමත් සමගම දැනට පවතින රෝහල්වලට අමතරව අතිරේක රෝහල් ස්ථාපිත කිරීමේ අරමුණින් යුතුව මෙම ආර්ථික මධ්‍යස්ථානය කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.


Exit mobile version