වව්නියාවේ දී කාන්තාවකට වෙඩි තබා මරා තමන් ද වෙඩි තබාගෙන මියගොස් ඇත්තේ එම කාන්තාවගේ පැරණි පෙම්වතා…

දිනසේන රතුගමගේ –

වවුනියාවේ පරයානාලන්කුලම් නීලියාමොට්ටේ ප්‍රදේශයේදී 13 දා පුද්ගලයෙකු කාන්තවකට වෙඩිතබා ඝාතනය කොට ඔහුද එම තුවක්කුවෙන්ම වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන ඇත්තේ මිය ගිය කාන්තාවගේ පැරණි පෙම්වතා බව වවුනියාව පරයනාලන්කුලම් පොලීසිය ප්‍රකාශ කළේය.

පොලීසිය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු වලට අනුව මියගිය කාන්තාව විවාහ වීමට පෙර මෙම පුද්ගලයා සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් අති අතර පසුව ඇය වෙනත් අයෙකු සමග මීට කාලයකට පෙර විවාහ වී තිබේ.

මේ වන විට එම කාන්තාව එක් දරු මවක් වන අතර ඇය සිය ස්වාමියා සමග නීලියාමුට්ටෙයි ගම්මානයේ පදිංචිව සිට ඇත. පැරණි පෙම්වතාද එම ගමානයේම ජීවත් වෙමින් සිට තිබේ.

වෙඩිතැබූ පුද්ගලයා කාන්තාවහේ නිවසට පැමිණ ඇයට වෙඩිතබා මරාදමා නීලියාමොට්ටෙයි කෝවිල අසල්ට ගොස් ඔහුද එම තුවක්කුවෙන්ම වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගෙන තිබේ.


මියගිය පුද්ගලයාගේ මළ සිරුර අසල තිබී තුවක්කුවක්ද පොලීස්ය විසින් සොයා ගෙන ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක කාන්තාවක් වන නිව්ටන් දර්ශනී හා වයස අවුරුදු විසි හතරක සිවපාලන් සුජන්තන්  නැමති පුද්ගලයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට මළ සිරුරු දෙක පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා අධිකරණ නියෝග මත වවුනියාව මහ රෝහල වෙත රැගෙන විත් ඇති තර පරයනාලන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version