වවුනියාවේ කසල කන සුනඛයන් මිය යන්න පටන් අරන්…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාවේ අතුරු මාර්ගවලට මිනිසුන් විසින් බැහැර කරණ කුණු කසල අනුභව කිරීම නිසා මේ දිනවල සුනඛයින් විශාල වශයෙන් මියයන්නට පටන් ගෙන තිබේ.

වවුනියාව නගරය ඇතුළු බොහෝ ප්‍රදේශ වරින් වර හුදෙකලා කිරීම නිසා සුනඛයින්ට ආහාර නොමැතිව ඔවුන් එම අතුරු මාර්ගවල දමා ඇති කුණු ආහාරයට ගැනීම නිසා මේ තත්ත්වය උද්ගත තිබේ.

වවුනියාවේ කුණු කසල බැහැර කිරීමේදී නීති විරෝධීව කටයුතු කරණ පිරිසට එරෙහිව නගර සභාවෙන් කටයුතු නොකිරීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වී තිබේ.

Exit mobile version