සැකකරු බන්ධනාගාරයේ සිටිද්දී කුඩාවැල්ල සිව්පුද්ගල ඝාතනයේ ගිනිඅවිය හමුවෙයි

Prison

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් තංගල්ල නාකුළුගමුව ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක වලදමා තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ ඊට භාවිත කරන උණ්ඩ 13ක් සොයාගෙන තිබේ.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සුපුන් බුද්ධික නොහොත් ‘වලස්ගල සුපුන්’ නැමැත්තාගේ ඉඩමට ආසන්න ඉඩමක වලදමා තිබියදී ඒවා සොයාගෙන ඇත.

ඔහු 2018 වසරේ කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රිතව සිව්පුද්ගල ඝාතන සිදුකළ සැකකරු බවට වාර්තා වෙන බව පොලීසිය පවසයි.


මෙම සොයාගත් ගිනිඅවිය එම ඝාතන සිද්ධිය සඳහා යොදා ගැනීමෙන් අනතුරුව සඟවා තබා ඇති බවට වාර්තා වෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර මාලබේ ප්‍රදේශයේ දී ද පිස්තෝලයක් සහ උණ්ඩ 7ක් සමග ඊයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Exit mobile version