වරෙන්තුව නැතිව අත්අඩංගුවට ගැනීමට පෙර හිතන්න – නීතීඥ සංගමය පොලිසියට කියයි

ව්‍යාජ ප්‍රවෘත්ති චෝදනාවක්‌ මත පූද්ගලයකු අත්‌අඩංගුවට ගැනීමක්‌ සිදූකිරීමේදී, විවේචනයක්‌ හෝ විරෝධයක්‌ සම්බන්ධ යම් අදහස් පළකිරීමක් ගැන පැමිණිල්ලක පූර්ණ චිමර්ශනයකට පෙර අත්අඩංගුවට ගැනීම කරන්නේ නම් ඒ පිළිබච වඩා සැළකිල්ලකින් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා පොලීසිය විසින්‌ “අසමගිය, වෛරය හා කොවිඩ්‌-19 වැඩසටහනට බාධා ඇති කරන ව්‍යාජ පුවත්‌, ඡායාරූප, වීඩියෝ බෙදාහැරීම’ මැයෙන්‌ නිකුත්‌ කරන ලද මාධ්‍ය නිවේදනයේ අන්තර්ගතය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ් දැඩි විවේචනයක්‌ හෝ විරෝධයක්‌ හේතුවෙන්‌ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම යනු, සමාජයේ සාමාජිකයකු/ පාර්ශ්වකරුවකු ලෙස බැරෑරුම්‌ අදහස්‌ බෙදාහදාගැනීමේ හෝ නිදහස්‌ අදහස්‌ ප්‍රකාශ කිරීමේ පුරවැසි නිදහස උල්ලංඝනය කරනු ලබන භයානක තක්චයක් බවයි.


එසේම, එම අත්‌අඩංගුවට ගැනීම ප්‍රජාතාන්ත්‍රික වටිනාකම්වලට හා නිදහසට දක්වන ගරුත්වයට අනුකූල චිය යුතු බව ද එම සංගමය කියා සිටී.

වරෙන්තුවක්‌ නොමැතිව අත්‌අඩංගුවට ගැනීම සිදුකළ යුත්නේ මූලික නිදහස ආරක්ෂා වන පරිදි මෙන්ම එමගින්‌ නිදහස්‌ ප්‍රකාශනයේ අයිනිය මර්දනය කිරීමක්‌ සිදු නොවිය යුතු බව නීතිඥ සංගමය සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කරන ලදැයි සැලකෙන නීනිමය වරද සම්බන්ධයෙන්‌ පරිස්සම්‌ සහගත ලෙස සලකා බලා චෘත්තිමය අන්දමින්‌ තක්සේරුවක්‌ සිදූකර අත්‌අඩංගුවට ගැනීමට සත්‍ය, සාධාරණ හේතුවක්‌ තිබේද යන්න නිගමනය කිරීම වඩා යහපත්‌ වන අතර එහිදී නීනිපනිවරයාගේ උපදෙස්‌ ලබාගැනීම ද සුදුසු බව ද එම නිවේදනයේ දැක්වෙයි.

Exit mobile version