වර්ජනය පසෙක ලා ජීවිත දෙකක් බේරාගත් හෙද සේවයේ උත්තම මිනිස්සු…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උදරයේ ඇතිවු ආබාධයක් නිසා දැඩි අසාධ්‍යතත්වයෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මවකට දරු ප්‍රසුතියක් සිදුකොට මවගේ හා බිළිඳාගේ ජිවිතය බේරාගැනිමට ගාල්ල කරාපිටිය රෝහලේ කාර්යමණ්ඩලය සමත්වුහ.

මෙම මව උදරයේ ඇතිවු දැඩි වේදනාවක් නිසා තම සැමියා සමග අද (02) අළුයම 2.30ට පමණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබිය.

ඇයට මළපහ මුත්‍රා පිටවි තිබු අතර රුධිරවහනයක්ද වි තිබුණි. ඇයට දරුවකු ලැබිමට සිටින බව වාට්ටුවේ හෙදි නිලධාරිණියක් හඳුනා ගෙන තිබු අතර ඇය කඩිනමින් දරු ප්‍රසුතිය සදහා අවශ්‍ය කටයුතු සුදානම් කරනු ලැබිය.

හෙදි වර්ජනයක් පැවතියද වර්ජනය පසෙක තැබූ හෙදියෝ මේ මවගේ ජීවිතය බේරා ගැනීමට එක් වූහ. රෝහලේ ශල්‍ය වාට්ටුවක් තුළ දරු ප්‍රසුතිය සිදුකොට මෙකි මවගෙත් දරුවාගෙත් ජිවිතය බේරාගැනිමට හැකිවු බව රාජ්‍ය සේවා එක්සත් හෙදි සංගමයේ කෘත්‍යාධිකාරි කමිටු සාමාජික රනිල් මල්ලියාවඩු කීවේය.

ඔහු මෙසේද කිවේය.

“මේ මවට මළපහ හා මුත්‍රාපිටවෙලා තිබුනා. ඇයගේ සැමියා සමග මා කථාකළා. ඔහු ගැමියෙක්. නුගත් අයෙක්. කිසිදෙයක් දැනගෙන හිටියේ නැහැ. ඔහු අහිංසක පුද්ගලයෙක්. නිවසේදිත් රුධිරවහනයක් වු බව ඔහු කිවා. මවගේ ඇස් පරික්ෂා කිරිමේ දි සුදුමැලිවෙලා තිබුණා. රුධිරයේ හිමොග්ලොභින් අඩුවෙලා තිබුනා. මහමෝදර මාතෘ රෝහලවෙත යවන්න ක්‍රමයක් තිබුණේ නැහැ.

මා හදිසි ප්‍රථිකාර ඒකකය වෙත දිවගොස් ජේ්‍යෂ්ඨ වෛද්‍ය රේජිස්ටාර්වරයාට මේ ගැන කරණු පැහැදිලි කරලා දිලා ඔහු වාට්ටුව වෙත කැඳවාගෙන ආවා. කඩනමින් දරු ප්‍රසුතිය සඳහා මෙකි මව සුදානම් කළා. විනාඩි 05ක් ඇතුළත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක්ද කැඳවා ගත්තා . මහමෝදර මාතෘ රෝහලින් වෛද්‍යවරයකු කැඳවාගතනු ලැබුවා. ළමා රෝග රේජිස්ටාර්වරයාත් අපි කැදවා ගත්තා. “

“දරු ප්‍රසුතියක් සදහා ඒ වාට්ටුවේ පහසුකම් නැහැ. එදා රාත්‍රි සේවා මුරයේ කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ 04 දෙනෙකු හිටියා. ඒ අය මව පිරිසිදුකොට අලුත් ඇදුම් අන්දවා ඉතා ඉක්මනින් ඇඳ පිටින්ම පහළ තියෙන හදිසි ප්‍රථිකාර ඒකකයට රැගෙන ගියා. ඒ යන අතර ලේ සාම්පලයක් අරගෙන. රුධිරය පරික්ෂා කිරිම සඳහා ලේ බැංකුවට යැව්වා. හදිසි ප්‍රථිකාර ඒකකයේ දි පැය භාගයක් වගේ ඇතුළත මවට නිරෝගී දරු බිළිදෙකු ලැබුනා. පුතෙක් තමයි ලැබුණේ.“

“ඇත්තටම අපිට එය සතුටක්. වෛද්‍යවරුන්ගේ සහය ඇතිව ජිවිත දෙකක් බේරාගැනිමට අපිට හැකිවුනා.“


Exit mobile version