අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනිඳු පැරදුන හේතුව කියයි! ලකුණු 160ක් ගහන්න නොගිහින් තරගය මැදදි 120ක් ගැන හිතුවා නම් අපට දිනන්න තිබුණා…

by editor
ජූනි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක කුසලාන තරගාවලිය අප ආරම්භ කලේ ිඅතිශය අහිමිහිරි පරාජයක් සමගය.  පන්දු ඕවර 19.1කට සියල්ලන්ම දැවී ගියේ ලකුණු 77කට ය. එවැනි අඩු ලකුණු ප්‍රමාණයකට මින් ඉහත කිසිම අවස්ථාවක ලෝක කුසලාන තරගාවලියක දී ශ්‍රී ලංකා පිල දැවි ගොස් නැත. දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවට පහර දීම පහසු වූයේ නැත. එවැනි තත්ත්වයක් ඇති වූයේ ඇයි.  වනිඳු ඊයේ තරගය අවසානයේ දී මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.  මේ එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ ආකාරය සහ වනිඳු ලබා දුන් පිළිතුරු ය. නිවුස් වයර් වෙබ් අඩවියේ පළවී තිබුණු ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය පහත දැක්වේ. 

වාර්තාකරු:

T20 ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවේ අඩුම ලකුණු සංඛ්‍යාව කීයද? ලෝක කුසලාන තරගාවලිය මේ ආකාරයට ආරම්භ කිරීමට සිදුවීම බලාපොරොත්තු මොනතරමක් සුන් කළා ද?

වනිඳු හසරංග:

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙය හොඳ ආරම්භයක් නෙමෙයි. නමුත් මෙය තරඟාවලියේ ආරම්භක අවස්ථාව. අපි ඊළඟ තරඟයේදී අපගේ උපරිමය කිරීමට උත්සාහ කරනවා. අපට පළමු වටයේ තවත් තරඟ තුනක් ඉතිරිව තිබෙනවා. ඉදිරි තරග තුනේදී අපි අපේ උපරිමය කළ යුතුයි.

වාර්තාකරු:

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමේ අදහස කුමක්ද?

වනිඳු හසරංග:

අපට ශක්තිමත් පන්දු යැවීමේ අංශයක් තිබෙනවා. අපට අවශ්‍ය වූයේ හොඳ ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවේ තැබීමට. අපට අවශ්‍ය වූයේ එම ලකුණු ප්‍රමාණය ආරක්ෂා කිරීමට. අප කළේ පමණි. ඒ නිසා තමයි අපි පන්දුවට පහරදීමට තීරණය ගත්තේ.

වාර්තාකරු:

පන්දු යවන්නන් කුඩා ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කර ගනිමින් ආපසු සටන් කළ ආකාරය, ඔවුන් දේවල් සිදු කළ ආකාරය ගැන ඔබට සතුටු විය හැකිද?

වනිඳු හසරංග:

ඇත්ත වශයෙන්ම ඔව්… ඔබ දන්නවා, විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්, ඔවුන් නව පන්දුවෙන් ඉතා හොඳින් පන්දු යැව්වා. ඔවුන්ට ලකුණු 120ක් – 125ක් තිබ්බනම් මම හිතන්නේ මේ තරගය වෙනස් වෙයි.

වාර්තාකරු

තණතීරුවේ පන්දුවේ විශාල චලනයක් සහ අසාමාන්‍ය ඉපිලීමක් තිබුන බව අපි දුටුවා. . ඔබට අඩුම තරමින් චමීර වගේ එක් ඉහල රිලීස් පොයින්ට් එකක පන්දු යවන්නෙකුව හෝ ක්‍රීඩා යුතුව තිබූ බව ඔබ සිතනවාද?

වනිඳු හසරංග:

අපි නුවන් තුෂාර සමග ගියේ ඔහු IPL තරඟ කිහිපයක් ක්‍රීඩා කර ඇති නිසාත් දුෂ්මන්ත IPL තරඟාවලියේ තරඟ නොකළ නිසාත්. ඒ වගේම දුෂ්මන්ත ගිය සතියේ ඉඳන් තරග ක්‍රීඩා කළෙත් නැහැ, ඒ නිසා අපි නුවන් තුෂාර එක්ක ගියේ. ඒ වගේම ඔහුගේ අවසන් විස්සයි20 ජාත්‍යන්තර තරගයේදී ඔහුට කඩුලු පහක් තිබුණා. ඉතින්, අපි ඔහු සමඟ ගියා. නමුත් පිටියේ දී අපි වෙනස දුටුවා, අපි පන්දු යවන විට කඩුල්ලේ වෙනස දුටුවා, අප පන්දු යවන අතරත් පන්දුවේ ඉපිලීම සහ පහලින් යෑම තිබුණා.

වාර්තාකරු:

ගමනේදී ඔබට යම් යම් අභියෝග ඇති වූ අතර පසුව පොළවෙන් ඈත්ව සිටීම නිසා ඔබට පුහුණු වීමට නොහැකි විය. දවසේ කාර්ය සාධනයට එවැනි බලපෑමක් තිබේද?

වනිඳු හසරංග:

අපට එය පැවසිය නොහැකියි. නමුත් විශේෂයෙන්ම පසුගිය දින කීපය තුළ අපට දුෂ්කර කාල තිබුණා., . අපි තවමත් උදේ පැය එකහමාරක් ගමන් කරනවා. අපගේ පළමු වටයේ තරඟ හතරක් ස්ථාන හතරක තමයි තිබෙන්නේ. එය දුෂ්කරයි. අපි අපට ලැබෙන කඩුලු ගැන දන්නේ. නෑ. මෙය නිව්යොර්ක්හි අපේ පළමු තරගය යි. අපට ඊළඟ තරඟය වතිබෙන්නේ ඩලස්වල. අපට ෆ්ලොරිඩාවේ පුහුණුවීම් තරග දෙකක් ක්‍රීඩා කරනවා, ඒක තමයි අපිට තියෙන එකම ප්ලස් පොයින්ට් එක.

වාර්තාකරු:

තණතීරුව හැසිරුන ආකාරය, එහි වේග දෙකේ ස්වභාවය ඔබව පුදුමයට පත් කළාද?

වනිඳු හසරංග:

ඔව්, විශේෂයෙන්ම මේ මහා තරඟාවලියේදී. විශේෂයෙන්ම T20 තරගවලදි මෙම කඩුලු ඉතා දුෂ්කරයි. ඔවුන්ගේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැව්වා. අපගේ පන්දු යවන්නන් ද හොඳින් පන්දු යවා තියනවා. ඒ වුණත් අපි ගොඩක් වැරදි කළා.

වාර්තාකරු:

මේ විදියට දිගටම ගියොත් ඔබේ ආකාරයේ ප්‍රහාරක පිතිකරුවෙකුගේ ස්වභාවික ක්‍රීඩාව මැඩපැවැත්වීමට මෙවැනි තණතීරු හේතු වේ යැයි ඔබ හිතනව ද?.

වනිඳු හසරංග:

අපේ හැම පිතිකරුවෙක්ම පහර දෙන්න උත්සාහ කරනවා. මම හිතන්නේ අපි හැම පන්දුවකටම පහර දෙන්න උත්සාහ කළා නම් මේක වැඩි ලකුණු ප්‍රමාණයක් වෙන්න තිබුණා. අපි අපේ කඩුලු ඉවතට විසි කළා. ඒක තමයි ප්‍රධානම දේ. අපි හොඳ ක්‍රිකට් පහරවල් එල්ල කළා නම් මම හිතන්නේ ලකුණු ගණන වෙනස් වෙන්න තිබුණා.

වාර්තාකරු:

මම නැවතත් එම ප්‍රශ්නයම අහනවා. මෙම තණතීරුව නුහුරුයි. එසේනම් ඔබ සියලු දෙනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ඇයි? ඊලඟ මැච් එකෙත් අපි කාසියේ වාසිය දිනුවොත් මොනවගේ සැලසුමක්ද තියෙන්නේ? ඒවගේම ලකුණු අඩුවෙන් තියාගන්න අවශ්‍ය වුවත් අපි ටිකක් පස්සෙන් මතීෂව ගත්තෙ ඇයි කියලත් දැනගන්න කැමතියි.

වනිඳු හසරංග:

ඊළඟ තරගය ගැන මට තවම කිසිවක් කියන්න බැහැ. සමහර විට අපි එම පිටියේ ක්‍රීඩා කරලා නැති නිසා මුලින්ම විකට් එක බලන්න අවශ්‍ය වේවි.

අපේ ශක්තිය පන්දු යැවීම නිසා අපි හිතුවා කාසියේ වාසිය දිනලා බෝඩ් එකට ලකුණු ටිකක් දාලා ඔවුන්ව පීඩනයට පත් කරන්න. අපි අපේ පන්දු යැවීම දන්නා නිසා අපි දෙවැනිව පන්දු යැවීමට තීරණය කළා. පසුගිය විස්සයි20 තරග කිහිපය අපි ජයග්‍රහණය කළේ ඒ ආකාරයට. ඉතින් ඒක අපේ වර්තමාන ශක්තිය පුරොක්ථනය කරලා කණ්ඩායමක් විදියට ගත්ත තීරණයක්.

ඒත් ඔබ දැක්කා අපි දෙවැනියට පන්දු යැව්වත් එයාලට දුන්න පීඩනය කොහොමද කියලා. එයාලට ලකුණු 70ට එන්න අපි ඕවර 16ක් දිගටම පන්දු යැව්වා. ඉතින් මම දකිනවා අපි ගත්ත තීරණයේ වරදක් නැහැ, නමුත් අපි ඔවුන්ට දුන්න ඉලක්කය හරි නැහැ. විකට් එක ඒ තරම් අමාරු වුණත් අපි කණ්ඩායමක් විදියට ලොකු ටාගට් එකක් අවසානය දක්වාම තියාගෙන හිටියා. මම හිතන්නේ අපි ඒක පසුව හඳුනාගත්තා. එහි සිදුවූයේ එයයි.

ඉතින් මම හිතන්නේ අපිට ටාගට් එක වෙනස් කරලා 125ක් 130ක් විදියට තියාගන්න තිබුණා නම් වෙන ග්‍රවුන්ඩ් එකක 180+ දක්වා ගත්තු ලකුණක් වෙන්න තිබුණා.

වාර්තාකරු:

පතිරණගේ ප්‍රශ්නය?

වනිඳු හසරංග:

අපි දැක්කා පතිරණ පරණ පන්දුවෙන් පන්දු යවනකොට රිවස් සින්ග් එක යන බව. ඒ වගේම අපි දැක්කා දසුන් ශානක, නුවන් තුෂාර සහ ඇන්ජලෝ මැතිව්ස් අලුත් පන්දුවෙන් හොඳින් පන්දු යැවූ හැටි. මම හිතන්නේ අපි සැලසුම් කළ දේ හොඳින් සිදු වුනා. මතීෂ පන්දු යැවීමේදී හොඳ වැඩක් කළා. නමුත් අපට අවශ්‍ය ලකුණු පුවරුවේ ලැබුණේ නැහැ.

වාර්තාකරු:

වනිඳු, ඔයා හිතුවේ නැද්ද වැරදි තක්සේරුවක් කළා කියලා? පළමු ඕවර 5, 6 අතර වේගවත් පහරවල් කිහිපයක් අපි දැක්කා, ඒ නිසා ඒ මැදදී ලකුණු 120ක ඉලක්කයක් ප්‍රමාණවත් වෙයි කියලා තක්සේරුවක් තිබුණාද?

වනිඳු හසරංග:

මම මේක කලින් කිව්වා, අපි එහෙම සාකච්ඡාවක් කළේ නැහැ. අපි 160+ ඉලක්ක කළා. ඉතින් ඒක අපේ වැරද්දක් කියලයි මට හිතෙන්නේ, ලකුණු 180ක් වගේ පේන මේ පිටියේ වගේ 130ක ඉලක්කයක් ගැන මම ඇතුළුව පිතිකරුවන්ට ඒ සාකච්ඡාව තිබුණා නම්, අපි එහෙම කළා නම් අපිට යන්න තිබුණා හොඳ ලකුණුකට.

වාර්තාකරු:

වනිඳු ඔබ අංක 4 ස්ථානයේ පන්දුවට පහර දුන්නා?

වනිඳු හසරංග:

මට ලකුණු වේගය වැඩි කරන්න ඕන නිසා දඟ පන්දු යවන්නාට පහර දෙන්න මට අවශ්‍ය වුණා. මම මීට පෙර තරඟවලදී මෙය උත්සාහ කර තියනවා. නමුත් අවාසනාවකට, මම දැවී ගියා. ඉදිරියේදීත් අපේ පිතිකරණ පුහුණුකරු සහ පුහුණුකරුවන් සමඟ සාකච්ඡා කරලා වෙනත් කණ්ඩායමක් සමඟ දඟ පන්දු යවන්නන්ගෙන් පීඩනයක් එල්ල වුණොත් ඒ දේ නැවත කරන්න අපි උත්සාහ කරනවා. මම කලින් එහෙම කරලා තියෙනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පොඩ්ඩක් අඩුවෙයි!

Next Post

උසස්පෙළ දිනවන ” A හදන මැෂින්වල” ව්‍යාපාර ගොදුරු වී පාසලත් ජීවිතයත් අත්හරින උසස් පෙළ දරුවෝ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.