වනාතමුල්ලේ සිරිසර උයන මහල් නිවාස හුදකලා කෙරේ

කොවිඩ් 19 වෛරස ආසාදිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් හමු වුණු බොරැල්ල වනාතමුල්ලේ සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය හුදකලා ප්‍රෙද්ශයක් බවට පත් කොට ඇත. නිවාස ඒකක 620කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයෙන් මේ වනවිට ජනතාවට පිටතට යාමට හෝ බාහිරින් එම සංකීර්ණයට ඇතුළු වීම සම්පූර්ණයෙන් නවතා දමා ඇති අතර එම ප්‍රෙද්ශය ආරක්ෂක අංශ මඟින් නිරීක්ෂණයට ලක් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නිවාස සංකීර්ණයට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ වැඩපිළිවෙළක් මේ වනවිට සූදානම් කර ඇති අතර සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සමග එම මහල් නිවාසවල වැසියන්ට අත්‍යවශ්‍ය සේවා ඇතුළු අවශ්‍යතා පිළිබඳව සම්බන්ධීකරණය කිරීමට නිවැසියන්ගෙන් සමන්විත ප්‍රජා කමිටුවක්ද ස්ථාපනය කර ඇති බව වාර්තා වේ.

Exit mobile version