රටක් දියුනු වන්නේ විනයක් සහිත සමාජයක් සහ වගකීම් සහිත රාජ්‍ය කළමනාකරණ ව්‍යුහයක් තුළය.
තමන්ගේ නිවසේ තිබෙන කුණු ටික මහ මග හෙළා යන කාලකණ්ණි සේම නගර කළමනාකරණය කිරීමේ මූලික වගකීම සහිත පළාත් පාලන ආයතනවල ගොබ්බයන් ගේ අංගවිකල ස්වරූපය කියන්නේ රටක සොහොන්වීමට නියමිත හෙට දවස ගැනය.
මේ ඔබ දකින්නේ වත්තල හැඳල කනත්ත පාරය. කලිසම් අඳින යාන වහනවලින් යන නමුත් අමු ගෝත්‍රිකයන් ගැවසෙන ප්‍රදේශයක් බව මේ පාරේ මග ලකුනු කියන්නේය. මේ අශිෂ්ට මිනිස්සු හැඳල පොදු සුසාන භූමියේ සහ පොදු අවමංගල්‍ය ශාලාවේ තාප්පය අසල තමන්ගේ නිවෙස්වල ඇති කුණු හෙළා යති.
මේ ජඩ වැඩේ සිද්ධ වන්නේ වත්තල ප්‍රාදේශීය සභාවට අයත් භූමියේ ය. ප්‍රාදේශීය සභාවේ නිඝන්ටයින් තමන්ගේ භූමියක මායිමේ මහ මගක මේ ආකාරයෙන් කුණු ගොඩවල් ගැසී ඒ කුණු කුණුවනතුරු බලා සිටිති.
වත්තල ප්‍රාදේශීය සභාව නොව, වෙන කිසිම රාජ්‍ය ආයතනයක් මේ ආකාරයෙන් ස්වකීය හෙළුව නොපෙන්විය යුතුය. බැරි කම, පෞරුෂය නැතිකම, රටට නොපෙන්විය යුතුය. වත්තල කනත්ත පාරේ කුණු දමන කුණු මිනිස්සුන්ටත්, එම කුනු තොගය ඉවත් කළ නොහැකි වහුකුනු ප්‍රාදේශිය සභාවටත් අරක්ගත් ආත්මය නැති පංචස්කන්ධ පමණක් නොව නාඩි වැටෙන මිනිසුන් ද මේ අවට ජිවත්වන බැවිනි.