වගකීමක් නැති හැසීරීම නැවතුනේ නැතිනනම් සංචරණ සීමා වැඩක් නෑ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



සංචරණ සීමා කොතෙක් පනවනු ලැබුවත් ඒවා කඩකරමින් රටේ ඇතැම් පිරිස් කටයුතු කිරීම මේ වන විට දක්නට ලැබෙන බැවින් සංචරණ සීමාවන්හි අර්ථයක් නැතිවන බවත්, මේ තත්වය තුළ ආසාදිතයින්ගේ වැඩිවීම හා මරණ සංඛ්‍යාව ඉහළ යාම කිසිසේත්ම පාලනය කර ගත නොහැකි වනු ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වාදේ.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රජය ලබා දී ඇති සහනය පෞද්ගලික අංශයේ ඇතැම් ආයතනයන් අවභාවිතා කරන බවක් පෙනෙන්නට තිබෙන්නේ යැයි ඔහු කියයි.
සමාජයේ වගකීම් රහිත ස්වරූපය මෙය නම් සංචරණ සීමාවන් පැනවුවද ආසාදිතයින් වාර්තා වීමෙන් සිදුවන මරණවල වැඩි වීමක් මිස අඩුවීමක් දක්නට නොලැබෙනු ඇතැයි ද ඔහු පවසයි.

රජය ජනතාවට ලබා දී තිබෙන සහනයන් අනවශ්‍ය ලෙස භුක්ති විදීම හේතුවෙන් සහ මෙම රෝගය කෙරෙහි කිසිදු තැකීමක් නොදැක්වීමෙන් රට ඉතා බරපතල තත්ත්වයට පත්වීම වැලැක්විය නොහැකි යැයි උපුල් රෝහණ සදහන් කරයි.

Exit mobile version