ලෝ ප්‍රකට නිරූපිකාවක් වූ නයෝමි කැම්ප්බල් ගේ අත්බෑගයේ හැමදාම නොවරදවා රැඳෙන සමහන් පැකට්ටුව!

Naomi

ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වූ සුපිරි නිරූපිකාවක්වූ නයෝමි කැම්ප්බල්  සිය අත් බෑගයේ දමාගෙන යන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අතර ප්‍රතිශක්ති වර්ධක  ඖෂධීය පානයක් වූ සමහන් පැකට්ටුවක් ඇති බවත් ඇය නිරන්තරයෙන්   ලඟ තබා ගන්නා බවත් පැවසුවාය.

නයෝමි මේ බව පවසන්නේ  සුප්‍රකට වෝග් ඉන්දියාහි ජනප්‍රිය වැඩසටහනක් වූ  ‘#InTheBag’  යූ ටියුබ් වැඩසටහන සමග එක් වෙමිනි.

“නයෝමි කැම්ප්බල් ඇයගේ අත් බෑගයේ රැගෙන යන්නේ මොනවා ද?” ඇය කියන්නී ඇය ගෙනයන භාණ්ඩ අතර සමහන් පැකට්ටුවක් ඇති බවය.

“ සමහන් ප්‍රතිශක්තිකරණය පද්ධතිය සඳහා හොඳ තේ පානයක්. ” ඇය කියන්නීය.


සමහන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ශාඛ සාර නිශ්පාදනයන් නිශ්පාදනය කරන්නෙක් වූ ලින්ක් නැචුරල් ප්‍රඩක්ට් ලිිමිටඩ් හි විශ්වාසනීය ඖෂධීය පානයකි.

ඔවුන් සිය නිශ්පාදන රටවල් යුරෝපය, එක්සත් ජනපදය, ඉන්දියාව සහ මැදපෙරදිග කලාපයේත් සමස්ථයක් ලෙස  ගෝලීය වශයෙන් රටවල් 30ක් වෙතත් අපනයනය කරනු ලබයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමහන් මෑතකදී ජපානයේ Costco තොග වෙළඳසැල්වල හඳුන්වා දුන් අතර Amazon හරහා ලොව පුරා බෙදා හැරෙන නිශ්පාදනයකි.

Exit mobile version