ලෝක සෞඛ්‍යය සංවිධාන නිර්දේශ අනුව වැඩ කරනවා… රට වහන ඉල්ලීම් නෑ…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියයි...

ශ්‍රියානි විජේසිංහ-                                                   

රට මුළුමනින්ම වසා දැමීම මගින් රටක දරිද්‍රතාව, මන්දපෝෂණය ඇතුළු ගැටලු ගණනාවක් මතුවන බව  ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති බැවින් කොරෝනා රෝගීන් වැඩිවශයෙන් සිටින ප්‍රදේශයන් පමණක් තෝරා ඒවා  පමණක් වසා දැමීමට කටයුතු කිරීම කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ   සඳහන් කරයි.

කොරෝනා වෛරසය මර්දනය කිරිම සඳහා සංචරණ සීමා පනවන්නේ නම් රෝගින් වැඩි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් යම් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු යැයි හෙතෙම පැවසීය.

කොවිඩ් වෛරසය මර්දනය කිරිම සඳහා රටක් මුළුමනින්ම වසා දැමිය යුතුබව ට ලෝක සෞඛ්‍ය සංවිධානය මුලින් ප්‍රකාශ කර රටවල් වසා දැමුවද ඉන් අනතුරුව බරපතල ගැටලු පැනනැගුණ බව එම සංවිධානය පෙන්වා දී ඇතැයි වෛද්‍ය අලුත්ගේ මහතා  කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව රෝගීන්ගේ ව්‍යාප්තිය සලකා බලා අදාල ප්‍රදේශවල පමණක් සංචරණ සීමා පැනවිමට කටයුතු කළයුතු යැයිද හෙතෙම පෙන්වාදේ.

   

Exit mobile version