ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

චීනයේ ප්‍රධාන නගරයක් වන චෙන්ග්ඩු නගරයේ නගර අලංකර නිර්මාණ සඳහා ලෝ පුරා නිර්මාණකරුවන් අතරින් ශ්‍රි ලංකාවේ ප්‍රවීන චිත්‍ර සහ මූර්ති ශිල්පියකු වන ලලිත් සේනානායක  ගේ මූර්ති නිර්මාණ දෙකක් තෝරා ගෙන ඇත.

ලලිත් සේනානායක

චෙන්ග්ඩු නගර පාලන අධිකාරිය විසින් මේ සඳහා රටවල් 26ක කලාකරුවන් වෙත සිය නිර්මාණ ඉදිරිපත් කරන ලෙස ආරාධනය කර ඇති අතර ඒ අතරින් කලාකරුවන් සය දෙනකුගේ නිර්මාණ එරට සංචාරක ප්‍රවර්ධන කලාපයක් වන ග්‍රීන් වේ පාර්ක් හි ස්ථාපනය කිරීමට චීන රජය තීරණය කර තිබේ. මෙම නිර්මාණකරුවන් සය දෙනා අතර සිටින ලලිත් සේනානායක ඒ සඳහා ඉදිරිපත් කළ නිර්මාණ දෙකම මේ වනවිට එහි ස්ථාපනය කර ඇත්තේ ශ්‍රි ලංකා ධජයද සමගිනි.

ලංකාසර වෙත අදහස් දැක්වූ ලලිත් සේනානායකට අනුව පසුගිය කාලයේ ඔහු එම පළාතේ සංචාරය කර ඇති අතර අදාළ භූමියට ගැලපෙන ආකාරයේ නිර්මාණ දෙකක් ඔහු ඉදිරිපත් කර ඇත.

සුදු යකඩ වලින් නිර්මාණය කළ  එක් මූර්තියක අශ්වයකු නිර්මාණය කර ඇති අතර ඔහු එයින් නිරූපණය කර ඇත්තේ චීනයේ සේද මාවතේ විකාශයයි. ඊට අමතරව ඔහු තවත් සම්භාව්‍යය ට්ටමේ නිර්මාණයක් ලෙස නිදහසේ පියාසළන කුරුල්ලන් දෙදෙනකු මූර්තිමත් වන නිර්මාණයක් කර ඇත.


ලලිත් සේනානායක  කලක් මාධ්‍ය වෘත්තියේද නියැළුණු අතර ප්‍රධාන ජාතික පුවත්පත්වල  නිර්මාණ කර්තෘවරයා ලෙස කටයුතු කර තිබිණි.   එහෙන්ම ඔහු දේශීය සහ විදේශීය කලා නිර්මාණ ප්‍රදර්ශන ගණනාවක් පවත්වා ඇති ප්‍රවීණයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන් ඉවත ලන දෑ යොදා ගෙන ඔහු විසින් සිදු කරන නිර්මාණ විශේෂ ඇගයීමකට ලක්වූ අතර මීට කලකට පෙර ලෝක අවධානයට පාත්‍ර වූ උස්වැටකෙයියාව වෙරෙළේ ඉවත ලන ප්ලාස්ටික්වලින් නිර්මිත දැවැන්ත හස්තියකු නිර්මාණය කළේ ද ලලිත්  සේනානායක  ය.

Exit mobile version