ලොව ළමුන් මිලියන 269කට- කතුන් මිලියන 571කට රක්තහීනතාවය -WHO

මාස 6 සිට අවුරුදු 5 දක්වා ළමුන්ගෙන් 40% ක්, ගර්භනී කාන්තාවන්ගෙන් 37% ක් සහ වයස අවුරුදු 15-49 අතර කාන්තාවන්ගෙන් 30% ක් 2019 වසර වන විට රක්තහීනතාවයෙන් පෙළෙන බව ලෝක සෞක්‍ය සංවිධානය පවසයි. එය ලොව පුරා කාන්තාවන් මිලියන 571කට සහ කුඩා ළමුන් මිලියන 269කට බලපා තිබේ. අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල බහුලව දක්නට ලැබෙන බවත් රක්තහීනතාවය ආසාදන හා මරණ අවදානම වැඩි කරන බවත් ලෝක සෞක්‍ය සංවිධානය තවදුරටත් කියා සිටියි.

ඒ අනුව 2025 වන විට ප්‍රජනක වයසේ පසුවන කාන්තාවන්ගේ රක්තහීනතාවය අඩකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස ලෝක සෞක්‍ය සංවිධානය රටවල්වලින් ඉල්ලීමක් කරන අතර රක්තහීනතාවය අවම කිරීම පිළිබඳ සිය ප්‍රථම පුළුල් ක්‍රියා පටිපාටිය ක්‍රියාත්ම කිරීමට ලෝක සෞක්‍ය සංවිධානය කටයුතු කරමින් සිටියි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෝෂණ හා ආහාර සුරක්ෂිතතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෆ්‍රැන්චෙස්කෝ බ‍්‍රැන්කා පවසා සිටින්නේ “රක්තහීනතාවයට පිළියම් යෙදීමේ බොහෝ කටයුතු යොමු වී ඇත්තේ යකඩ ඌනතාවය වැළැක්වීම සහ ප‍්‍රතිකාර කිරීම කෙරෙහි බවයි. “රක්තහීනතාවය යනු අනෙකුත් පෝෂණ ඌනතා, ආසාදන, දැවිල්ල, නාරිවේද හා ප්‍රසව රෝග සහ පාරම්පරික රතු රුධිර සෛල ආබාධ ඇතුළු විවිධ හේතු සහිත සංකීර්ණ තත්වයක්” යැයිද අධ්‍යක්ෂවරිය කීවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රක්තහීනතාවය සඳහා මූලික බලපාන සෘජු හේතු, අවදානම් සාධක සහ පුළුල් සමාජ අසමානතා ආමන්ත්‍රණය කිරීම සඳහා ලෝක සෞක්‍ය සංවිධානය විසින් අදාළ ක්‍රියාපටිපාටිය සකස් කරනු ඇත.


Exit mobile version