ලෙබනන් ආර්ථිකය බිඳ වැටීම නිසා අසූ දාහක් ලාංකිකයන් අර්බුදයක…

ලෙබනන් ආර්ථිකය බිඳ වැටීමත් සමග ලෙබනන්හි වෙසෙන අසූ දහසකට ආසන්න ශ්‍රි ලාංකිකයන් පිරිසක් බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ. මේ තත්වයත් තුළ දරුණුම අර්බුදයකට පත්ව ඇත්තේ නියමිත වීසා රහිතව අර්ධකාලීන රැකියාවල යෙදෙමින් ජීවිතය පවත්වාගෙන යන ලාංකිකයන් බවත් ඔවුන් යන එන මං නැති මට්ටමකට පත්ව ඇති බවත් ලෙබනන්වලින් ආරංචි මාර්ග තහවුරු කරයි.

“ අපිට වෙලා තියන ලොකුම අර්බුදය තමයි ලෙබනන් ලීරාවල මිල ඩොලරයට සාපේක්ෂව තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් පහළ වැටීම. දැන්  ලීරා ඩොලර්වලට මාරු කරන්නෙ නෑ. ලංකාවෙ දි ලෙබනන් ලීරා රුපියල්වලට මාරු කරගන්න බෑ, එවන්න ඕන ඩොලර් වලින් . අපි  මාසයක් වැඩ කරලා ඩොලර් සීයක් එවාගන්න බැරිව දුක් විඳිනවා. ඩොලර් සීයක් එවාගන්න වෙනදා ලීරා ප්‍රමාණය වගේ තුන් ගුණයක් දෙන්න ඕන. ලංකාවෙදි ලෙබනන් ලීරා රුපියල් වලට මාරු කරගන්න තැනක් නෑ…“

ලෙබනන්හි සිටින ශ්‍රි ලාංකිකයෝ ලංකාසර වෙබ් අඩවියට ප්‍රකාශ කළහ. ලෙබනන්හි සේවය කරන අසූ දහසකට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතරින් සියයට අනූ පහකට වඩා ඉන්නේ ගෘහසේවිකාවන්ය. ගෘහ සේවය හා රියදුරු වෘත්තිය සඳහා පැමිණි පිරිමි සියයට පහකට ආසන්න ප්‍රමාණයක් ලෙබනන්හි වෙසෙති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවමත් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හැකි උපරිම සුබසාධනය සපයමින් සිටින බවත් ලෙබනන් තානාපති කාර්යාල ආරංචිමාර්ග තහවුරු කරයි. එසේ වුවත් ලෙබනන් තුළ කොවිඩ් ආසාදිතයන් 1191 හමුවූ අතර ඉන් 708ක් සුවය ලබා සමාජගත වී ඇත. දැනට 26 දෙනෙක් මිය ගොස් තිබේ.

 

Exit mobile version