ලෙබනන්හි ශ්‍රී ලාංකිකයෝ වීදි බසිති….

කොවිඩ් වසංගතයත් සමග කඩා වැටුණු ආර්ථික හමුවේ තමන් උපයන විනිමය ලංකාවට එවාගත නොහැකිවීම, තානාපති කාර්යාලයෙන් සිදුවන නොසලකා හැරීම්, තනාපතිවරියගේ අත්තනෝමතික හැසිරීම නිසා ලෙබනන් ශ්‍රී ලාංකිකයන් පත් වී ඇති තත්වය ලංකාවේ ජනාධිපතිවරයාටත්, විදේශ ඇමතිවරයාටත්, විෂය භාර ඇමතිවරයාටත් දැන්වීම හා ඒ සම්බන්ධ ලිඛිත සංදේශයකට අත්සන් තැබීම සඳහා ලෙබනන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයෝ ඊයේ ( 09) වීදි බටහ.

මේ තත්වය පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීම ආරම්භ කරනු ලැබුවේ වර්ෂ 2020 ජනවාරි 19 සිට බවත්, පුරා වසරක් තිස්සේ තමන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට ලෙබනන් තානාපතිවරිය හෝ කාර්යමණ්ඩල නිලධාරියෙක් හමුවීමට තමන්ට නොහැකි වූ බවත් ලෙබනන් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් උද්ඝෝෂණය සංවිධානය කළ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

ලෙබනන් රජයෙන් ලබා ගත් අවසර මත ඊයේ උදේ 09.30ට ලෙබනන්හි රියාද් සහලා හන්දියෙන් මෙම උද්ඝෝෂණය ඇරඹී තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට ලෙබනන් රජයේ නිලධාරීන්ගෙන් කිසිම බලපෑමක් එල්ලවී තිබුණේ නැත.

 

Exit mobile version