ලුණු සභාපති“ ඉවත් නොකළොත්  හෙට දේශපාලනයෙන් සමුගන්නවා..“ – හම්බන්තොට නගරාධිපති එරාජ් කියයි!

සූරියවැව නුවන් ජයසේකර –

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කිරිමට කටයුතු නොකලොත් හෙට ( 06 ) දින පැවැත්වෙන හම්බන්තොට මහ නගර සභා රැස්වීමේදී දේශපාලන ජිවිතයෙන් සමුගන්නා බව ඉහළ දේශපාලනාධිකාරියට දැනුම් දිමට කටයුතු කරන බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු   පැවසීය.

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති වරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපති වරයා , උප නගරාධිපතිවරයා හා නාගරික මංත්‍රිවරුන් ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු ලේවාය ඉදිරිපිට 09 වන දිනටත් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටියි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු නගරාධිපති වරයා මෙසේද පැවසිය.


“පැවතුණු යහපාලන ආණ්ඩුව බලයෙන් ඉවත් වීමෙන් පසු 2019 වසරෙදී ලංකා ලුණු සමාගමේ සභාපති වරයා ලෙස මෙම සභාපති වරයා පත් කලේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ ප්‍රථිපත්ති ප්‍රකාශනයට අනුව කටයුතු කරයි කියලා බලාපොරොත්තුවෙනුයි. නමුත් අද එම සභාපති වරයා සෞභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පයින් ගහලා ඔහුට ඕන විදියට අත්තනෝමතික විදියට ලේවායේ පරිපාලන කටයුතු සිදුකරමින් යනවා.“

“අද ලේවායට සභාපති වරයාගේ ඥාතින් දෙදෙනෙකුට සංස්ථාවේ ලාභය බෙදී යාමට කටයුතු කර තිබෙනවා. මේ නිසා අද මෙම සභාපති වරයාගේ ක්‍රියා කලාපය ලුණු ව්‍යාපාරිකයාට වගේම සමස්ථ ලුණු පරභෝජනය කරන පිරිස් සදහාද ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. “

“මේ වන විට නාගරික මන්ත්‍රිවරු ඇතුළු පිරිස මේ ස්ථානයේ දින 09ක් තිස්සේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙනවා. අපේ එකම ඉල්ලීම වන්නේ ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන්න කියලයි. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“එය සිදුවන්නේ නැතිනම් හෙට 06 වෙනිදා පැවැත්වෙන් නාගර සභා රැස්වීමේදී මා දේශපාලනයෙන් සදහටම සමුගන්නා බව දැනුම් දීමට කටයුතු කරනවා “යැයි නගරාධිපති වරයා පැවසීය.

 

Exit mobile version